‘සෙලෙන්ස්කි යුධ පරාජිතයෙක්’ රුසියා යුද්ධය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් සෙලෙන්ස්කිට දොස් පවරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන යුද්ධය ආරම්භ කිරීම හා එම යුද්ධයට එක්සත් ජනපදය සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිට දොස් පවරා තිබේ.

හිටපු ජන්ධිපතිවරා ඊයේ(17)පැට්‍රික් බෙට්-ඩේවිඩ් සමඟ පැවැත්වූ රැම්බ්ලින් සම්මුඛ සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කර තිබු අතර ට්‍රම්ප් නොවැම්බර් 5 මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ට්‍රම්ප් යුක්‍රේනය කෙරෙහි එක්සත් ජනපද ප්‍රතිපත්තිය රැඩිකල් ලෙස වෙනස් කිරීමට ඉඩ ඇති බව සඳහන් කර තිබිණ.

2022 දී යුද්ධය ආරම්භ වූ දා සිට එක්සත් ජනපද මිලිටරි ආධාර ඩොලර් බිලියන ගණනින් ඉල්ලා සිටීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් සෙලෙන්ස්කි යනු මා මෙතෙක් දැක ඇති විශිෂ්ටතම විකුණුම්කරුවන්ගෙන් කෙනෙකු ලෙස සඳහන් කර තිබු අතර ඔහු එන සෑම අවස්ථාවකම අපි ඔහුට ඩොලර් බිලියන 100ක් දෙනවා. ඉතිහාසයේ එවැනි මුදල් ලැබුණේ වෙන කාටද? ලෙස ප්‍රශ්න කර තිබිණි.

සම්මුඛ සාකච්ජාව පුරාම ට්‍රම්ප් මොස්කව් සමඟ සාමය සෙවීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සෙලෙන්ස්කි යුධ පරාජිතයෙක් වශයෙන් විවේචනයට ලක්කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...