දුබල විපක්ෂයක් ආවොත් මොකද වෙන්නෙ? දිලිත් කියයි.

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18 , කොළඹ (LNW):

අද (18) දින පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් , පාලන බලයේ සිටින ආණ්ඩුව නිවැරදි මාර්ගයක ගෙන යා හැක්කේ එඩිතර විපක්ෂයකට පමණක් බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා කියා සිටී.

“එඩිතර විපක්ෂයකට පමණයි පාලන බලයේ ඉන්න ආණ්ඩුව නිවැරදි මාර්ගයේ යවන්න පුළුවන්. දුබල විපක්ෂයක් ආවොත් ආණ්ඩුව කරන ඕන දේකට අත උස්සල නිකන් ඉන්නවා. අපට අවශ්‍යයි බලයට පත්වෙලා ඉන්න ආණ්ඩුවට අවස්ථාවක් දෙන්න. ඒක තමයි අපේ අවංක උත්සාහය. නමුත් ඔවුන් යෝජනා කරලා තියෙනවා ඔවුන්ගේ වැඩපිළිවෙළේම අපේ රටේ ඒකීයභාවයට හා අපේ ජාතිකත්වයට බලපෑම්කරන යෝජනාවලියක්. අපි කිසිසේත්ම සූදානම් නැහැ ඒ යෝජනාවලියේ තිබෙන දේවල්වලට එකඟ වෙන්න.” ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද වනවිට රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිතුමා විශාල උත්සාහයක් දරන බව පේනවා – මුජිබර්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පැවසූ...

දිනපු කෙනෙක් නැහැ-පැරදුන කෙනෙකුත් නැහැ

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW චැම්පියන් ලීග් ජාතික පාපන්දු...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 25) දිනයේදී උතුරු, උතුරු-මැද,...

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...