රනිත්මා වාර්තාගත ගමන අර්ධ අවසන් පූර්ව වටයේදී නැවතෙයි

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 18,  කොළඹ LNW:

චීනයේ මහා බැඩිමින්ටන් සංස්කෘතිය තුළ ලෝකයට විවර නොවී පවතින දක්ෂයන් අහුරින් එකියක ලෙස හැදින්විය හැකි සි යා ලියු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ජාතික සූරියගේ වාර්තාගත ගමණට තිත තබමින්,ලෝක කණිෂ්ඨ බැඩිමින්ටන් සූරතාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය ජය ගත්තාය.


විනාඩි 24 ක් ඇතුළත ලකුණු 15=9 ක් සහ 15 – 6 ක් ලෙස නිමා වූ මේ තරගයේ දී රනිත්මා පරාජයට පත් වුවත් ඇය ඒ වන විටත් කිසිඳු ශ්‍රී ලාංකේය ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට යා නොහැකි වූ දුරක් ලෝක කණිෂ්ඨ බැඩිමින්ටන් සූරතාවලියක ගොස් තිබිණ.
රොහාන් ද සිල්වා ශ්‍රී ලංකා බැඩිමින්ටන් සභාපති ධූරයට පත්වීමෙන් ඉනික්බිති ලාංකේය බැඩිමින්ටන් ක්‍රීඩකයින් විශාල පිරිසකට ජාත්‍යන්තරයේ දොරටු විවර කර දෙමින් පෙරට යන්නට ඉඩ හසර සකස් කර දුන් අතර,අද ද සභාපතිත්වයෙන් බැස ගියාට රොහාන්,රනිත්මාගේ අනුග්‍රාහකයා ලෙස තව ද දුරටත් ඇයව ශක්තිමත් කරමින් සිටින්නේය.


ගෙවුණු ජූනි මාසයේ රනිත්මාගේ බැඩ්මින්ටන් ජීවිතයේ තවත් වෙනස්කමක් සිඳු විය.ඇය එංගලන්තයේ පවත්වාගෙන යන පුහුණු ඇකඩමියකට එක් විය.එය හිටපු ජාතික තලයේ බැඩ්මින්ටන් සූරයෙකු වන දිලූක කරුණාරත්න විසින් පවත්වාගෙන යන අතර ඒ සමඟම රනිත්මාගේ කළමණාකරු ලෙස නිලූක කරුණාරත්නගේ සම්ප්‍රාප්තියද සිඳු විය.
දිලූකගේ පුහුණුව සහ නිලූකගේ කළමණාකාරීත්වය යටතේ ඇය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල දී පවා විශාල පිම්මක් පැන 109 වන ස්ථානයේ සට 92 වන තැන දක්වා ඉදරියට පැමිණ තිබෙන අතර,සහභාගි වූ ජාත්‍යන්තර තගරවලදී එංගලන්ත කණිෂ්ඨ සූරතාවලියේ ජය ඇතුළුව විශාල ජයග්‍රහණ සමඟ ප්‍රගතියක් පෙන්වා ඇත.රනිත්මාට තවමත් අවුරුදු 18 ක් පමණි.
ඡායාරූපයේ දැක්වෙන්නේ රනිත්මාගේ වත්මන් පුහුණුකාරීත්වය දරන දිලූක කරුණාරත්න සහ රනිත්මා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‍ලොක්කියන් අභිබවා පෙරමුණ ගත් බට්ටි

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ නොමද...

රියැලිටි කලාවේ නව මුහුණු කිහිපයක් එන්නට හෝරා කිහිපයකට මත්තෙන්!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු...

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...