වැස්සෙන් බේරුණත් ලෝරාගෙන් බේරෙන්නට නොහැකි වෙයි

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 18,  කොළඹ LNW:

පවතින වර්ෂාධික කාලගුණ තත්ත්වය මත ශ්‍රී ලංකාවට කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තරග දෙකකම තීරණවලට යාමට නොහැකි වුව ද,දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයේදී පන්දු වාර ප්‍රමාණය සීමා කර ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ තරගයේ තීරණයකට යන්නට අවස්ථාව උදා විය.වර්ෂාවේ බලපෑම අවම කර ගනිමින් ශ්‍රී ලංකාවට තරගයේ තීරණයකට යන්නට ඉඩ ලැබුණත්,එය පරාජයක් බවට පත් කරමින් දකුණු අප්‍රිකානු නායිකාව ලෝරා වෝල්වර්ඩට් පන්දු 47 න් ලකුණු 60 ක් නොදැවී ලබා ගනිමින් දකුණු අප්‍රිකාවට කඩුලු 10 ක ජයක් ලබා දෙන්නට මුල් වෙමින් තරගයේ වීරවරිය ද වූවාය.


කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකාවට පන්දු ඕවර් 20 ක් තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 105 ක් ලබා ගන්නට හැකි විය.වර්ෂාව පතිත වන විට පන්දු ඕවර් 12ක් ගෙවී කඩුුලු 2 ට ලකුණු 46 ක් පමණක් ලබා සිටි ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාවට තර්ජනයක් වන ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට ඉතිරිව තිබුණේ තවත් පන්දු වාර 8 ක් පමණි.එම පන්දු වාර 8 දී ප්‍රහාරාත්මක වේගය වැඩි කරන්නට යාමේදී තවත් කඩුලු 5 ක් ඔවුන්ට අහිමි විය.ලතුණු 59 ක් එකතු කර ගන්නට ලැබිණ.
සාර්ථකම පිතිකාරිණිය වූයේ පන්දු රැකීමේදී එල්ල කළ පන්දුවක් පයේ වැදීම නිසා පිටියෙන් ඉවත්ව සිට නැවත පැමිණි ආරම්භක පිතිකාරිණිය විශ්මි ගුණරත්නය.ඇය පන්දු 33 දී ලකුණු 34 ක් රැස් කළාය.


එම ජයග්‍රහණයත් සමඟ දකුණු අප්‍රිකාව ලකුණු සටහනේ දෙවන තැනට පැමිණි අතර අද පැවත්වෙන නවසීලන්ත සහ පකිස්තාන තරගයෙන් තීරණයක් ලැබී නවසීලන්තාය ජය ගතහොත් ඉන්දියාවට ලකුණු සටහනේ පස්වන තැන දක්වා පහළ බසින්නට සිඳු වන අතර එවිට මුල් කණ්ඩායම් හතර තුළ කිසිඳු ආසියාතික රටක් දකින්නට නොලැබෙනවා ඇත.හෙට මේ පීඩනයත් සමඟ අපරාජිතව සිටින එංගලන්තයට මුහුණ දීමට සිඳුවන ඉන්දීය කණ්ඩායමට ප්‍රබල එංගලන්තය පරාජය කිරීම සඳහා තමන් සමඟ වන තරගයකට මුහුණ දෙන්නට සිඳු වෙනවා ඇත.
පහතින් දැක්වෙන්නේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයේ ලකුණු පූවරුවය.
https://bit.ly/3Jgn6Sy

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...

පිටරටින් එන මානුෂීය ආධාරවලටත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විදේශයන්හි සිට මෙරටට මානුෂීය...