ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලක 2022 බුකර් සම්මානය දිනා ගනී

Date:

ශ්‍රි ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලක විසින් රචිත The Seven Moons of Maali Almeida කෘතිය සඳහා 2022 වසරේ බුකර් සම්මානය දිනාගෙන තිබේ.

මෙය ඔහුගේ දෙවන නවකතාව වන අතර Sort of Books මගින් ප්‍රකාශයට පත් කර තිබේ. බුකර් ත්‍යාගයේ වටිනාකම පවුම් 50,000 කි. මේ සම්බන්ධයෙන් විනිසුරුවන්ගේ සභාපති නීල් මැක්ග්‍රෙගර් පැවසුවේ නවකතාව ජීවිතය සහ මරණය හරහා රෝලර්කෝස්ටර් ගමනක පාඨකයා රැගෙන යන බවයි.

මෙම නවකතාව ඝාතනයට ලක් වූ මාලි අල්මේදා නම් ඡායාරූප ශිල්පියා පිළිබඳ උපහාසාත්මක නවකතාවක් වන අතර කරුණාතිලක සිවිල් යුද්ධයක් පැවැති ඉතිහාසයේ බිහිසුණු කාල පරිච්ඡේදයකට කලාත්මක යුක්තිය ඉටු කර ඇත.

2022 ජූරි සභාව සංස්කෘතික ඉතිහාසඥයෙකු, ලේඛකයෙකු සහ විකාශකයෙකු වන නීල් මැක්ග්‍රෙගර්, ශාස්ත්‍රීය සහ විකාශක ෂහීදා බාරි, ඉතිහාසඥ හෙලන් කැස්ටර්, නවකතාකරු සහ විචාරක එම්. ජෝන් හැරිසන් සහ නවකතාකරු, කවියෙකු සහ මහාචාර්ය ඇලයින් මාබන්කෝ යන අයගෙන් සමන්විත වන අතර ඔවුන් මෙම වසර තුළ නවකතා 169ක් සලකා බලා ඇත. ඔවුන්ගේ ඒකමතික තීරණය අනුව ෂෙහාන් කරුණාතිලක මෙම බුකර් ත්‍යාගය දිනා ගෙන ඇත.

1992 දී The English Patient චිත්‍රපටයෙන් ජයග්‍රහණය කළ Michael Ondaatje ට පසුව කරුණාතිලක බුකර් ත්‍යාගය හිමිකරගත් දෙවන කතුවරයා බවට පත්ව ඇත.

ෂෙහාන් කරුණාතිලක 1975 දී ශ්‍රී ලංකාවේ ගාල්ලේ උපත ලැබූ අතර හැදී වැඩුණේ කොළඹ ය. චයිනාමන් පොදුරාජ්‍ය මණ්ඩලීය ත්‍යාගය, ඩීඑස්එල් සහ ග්‍රේටියාන් ත්‍යාගය දිනාගත් අතර බීබීසී සහ ද රීඩින් ඒජන්සියේ බිග් ජුබිලි රීඩ් සඳහා තේරී පත් විය. කතුවරයා රොක් ගීත සහ තිර රචනා කිහිපයක් ද ලියා ඇත.

සශිකලා මධුෂාණී_ OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට...

නවකවධයේ අතුරු ප්‍රථිඵල!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු...

කෙහෙළිය සහ බිරිඳ එළියට එද්දී දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ...

චීන-දකුණු ආසියා සම්බන්ධතා ශක්තිමත් කරමින් 09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ!

කොළඹ LNW:09 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අද (19) නිරිතදිග...