*
Wednesday, May 15, 2024
spot_img

Latest Posts

ජනාධිපතිවරණය ලබන මාර්තු මාසයේ ?

2023 වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බව අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු.

එම ජනාධිපතිවරණය 2023 මාර්තු මාසයෙහි පැවැත්වීමට සැලසුම් සම්පාදනය කෙරෙමින් පවතින බව දේශපාලන ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

පවතින ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අනුව 2023 නොවැම්බර් මාසය වන තෙක් ජනාධිපතිවරණයක් පැවැත්වීමට නොහැකි වුවත් අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස්කම් සිදුකරගැනීමට බලධාරීන් අපේක්ෂාවෙන් සිටින බව සඳහන්.

විශේෂයෙන්ම සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයේ පක්ෂ ද දිගින් දිගටම මැතිවරණයක් ඉල්ලා සිටින නිසා ඔවුන් මීට විරුද්ධ නොවෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් වාර්තා විය.

පවතින දැඩි ආර්ථික අර්බුදය ලබන ජනවාරි මාසය වනවිට යම් පමණකට සමනය කරගෙන මැතිවරණයක් පැවැත්විය හැකි වාතාවරණයක් රට තුළ ඇතිකර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

සබැඳි පුවත් –

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan