සාකච්ඡා අවසන් වන තුරු ඉරාන සටන් විරාමය දීර්ඝ කරන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානය සමඟ වන සාකච්ජාවන්ගේ ප්‍රගතියක් ලැබෙන තුරු සටන් විරාමය දීර්ඝ කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ඊයේ(21)දිනයේ මාධ්‍ය අමතමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, පාකිස්ථානයේ ඉල්ලීම මත සටන් විරාමය දීර්ඝ කරන බවත්, ටෙහෙරානය ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කරන තුරු ඉරාන වරාය අවහිර කිරීම ද දිගටම පවතින බවත්ය.

ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Socialහි මේ සම්බන්ධයෙන් සඳහනක් එක් කරමින් ප්‍රකාශ කර තිබුණේ, පාකිස්ථානයේ ඉල්ලීම මාතර ඉරාන රජය බරපතල ලෙස බිඳී ඇති බැවින් ඉරාන නායකයින්ට සහ නියෝජිතයින්ට ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කළ හැකි කාලයක් එන තෙක් ඉරාන රටට අපගේ ප්‍රහාරය අත්හිටුවන බවයි.

ඉරානය සහ එක්සත් ජනපදය අප්‍රේල් 8 වන දින සති දෙකක කොන්දේසි සහිත සටන් විරාමයකට එකඟ වූ අතර එය බදාදා එදා(22) අවසන් වීමට නියමිතය.

ඉරානය විසින් ගල්ෆ් කලාපයෙන් තෙල් සහ අනෙකුත් අපනයන සඳහා අත්‍යවශ්‍ය නැව් මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමේ කොන්දේසිය මත සටන් විරාමය ආරම්භ වූ අතර පාකිස්ථානයේ ඇමරිකා හා ඉරාන නියෝජිතයන් සමඟ පැවති සාකච්ජාවන් එකඟත්වයකින් තොරව අවසන් විය.

මෙත් සමඟ කිසිදු ගිවිසුමකට එළඹීමකින් තොරව, එක්සත් ජනපදය ඉරානයට නාවික අවහිරයක් පැනවීමට පටන් ගත් අතර නිලධාරීන් විදේශීය බැංකුවලට ද්විතියික සම්බාධක පිළිබඳ අනතුරු ඇඟවීම ඇතුළු ආර්ථික පීඩනය වැඩි කරිමට කටයුතු කිරීමත් සමඟ ඉරාන විප්ලවීය බලකාය නැවතත් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කර ඇත.