රට බංකොලොත් බව නිවේදනය කිරීම ආයෝජන අවදානමේ හෙලීමක්, සේවක අර්ථසාධක අරමුදල අනතුරේ!

Date:

ඉකුත් අප්‍රේල් මස 12 වන දින හදිසියේම ශ්‍රී ලංකාව ස්වෛරී ණය පැහැර හරින බවට සිදුකළ ප්‍රකාශයත් සමඟ ණය ශ්‍රේණිගත කිරීම් හරහා රට D (default) ශ්‍රේණිය දක්වා පහත වැටී ඇති බවත්, එය රටක් බංකොලොත්භාවයට පත්ව ඇති බවට පිළිගැනීමක් බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි.

මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල වෙත ලිපියක් යොමුකරමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මාස 06 කට ඉහත දී ශ්‍රී ලංකාව විදේශ ණය පැහැර හැරි බවට නිවේදනය කිරීමත් සමඟ රටට ලැබිය හැකි සියලු ආයෝජන අවදානමේ හෙලා ඇති බවත්, මෙරට වැඩකරන ජනතාවගේ මුදල් සේවක අර්ථසාධක අරමුදලට බැරකරන පසුබිමක ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සඳහා ආයෝජනය කිරීමට සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යොදාගන්නා බවට තොරතුරු ලැබී ඇති බවත් ය.

රටක් නිල වශයෙන්ම බංකොලොත්භාවයට පත්ව ඇති බවට ප්‍රකාශයට පත් කර තිබියදී සේවක අර්ථසාධක අරමුදලේ මුදල් මෙලෙස දිගින් දිගටම භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සඳහා යොදා ගැනීම ප්‍රශ්න සහගත බවත්, දැනට එහි පවතින රු. ට්‍රිලියන 3.5 ක පමණ මුදලින් සියයට 95 පමණම මෙසේ බිල්පත් සහ බැඳුම්කර සඳහා යොදා ගන්නා බවත් හෙතෙම අනාවරණය කරයි.

මෙම පසුබිම තුළ මහ බැංකුව විසින් වහා මෙම ක්‍රියාව නතර කර දැමිය යුතු බවත්, කල්පිරුණු සෑම බිල්පතක් සහ බැඳුම්කරයක් සඳහාම ප්‍රති මූල්‍යකරණයකට යොමුවීම යෝග්‍ය බවත් වසන්ත සමරසිංහ මහතා සිය ලිපිය ඔස්සේ පෙන්වා දෙයි.

එමෙන්ම, මේ පිළිබඳව කඩිනමින් සාකච්ඡා කිරීමට තම සංගමයට අවස්ථාවක් ලබා දෙන ලෙස සේවක අර්ථසාධක අරමුදලෙන් ඉල්ලා සිටින වසන්ත සමරසිංහ මහතා මෙම ක්‍රියාව ඉදිරියටත් සිදුවන්නේ නම් ඒ සඳහා මහ බැංකුව වගකිව යුතු බවත්, වෘත්තීය සහ පෞද්ගලික මට්ටම් වලින් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සිය ලිපිය හරහා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...