කැබිනට් පුටු මාරුවක් ??

Date:

කැබිනට් සංශෝධනයක් ගැන කතාව දැන් අවුරුද්දක් තිස්සේම විටින් විට උඩට එනවානෙ. හැබැයි මෙතෙක් සිද්ධ වුණේ කතාව විතරයි, සංශෝධනය සිද්ධ වුණේ නෑ.

දැන් ආයෙත් ඔහොම කතාවක් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතර පැතිරෙන්න පටන් අරන්.

කතාව මෙහෙමයි,

රටේ ලොක්කා චීන සංචාරය අවසන් කරලා ආපු ගමන් කැබිනට් පුටු කීපයක් මාරු කරන්න ලෑස්තියි ලු. ආරංචියේ හැටියට සෞඛ්‍ය, ක්‍රීඩා, පරිසර ඇතුළු ඇමති පුටු කීපයක් තමයි වෙනස් කෙරෙන්න යන්නේ.

සෞඛ්‍ය ඇමතිකම දැන් ඉන්න කෙනාගෙන් අයින් කරලා වෙනත් කෙනෙකුට දෙන්නය කියන ඉල්ලීම ආණ්ඩුව ඇතුළෙන්ම එන්නේ ගොඩක් කාලයක් තිස්සේ. ඒක දැන් සිද්ධ වෙයි, දැන් සිද්ධ වෙයි කියලා බලාගෙන හිටියාට තවම නම් වුණේ නෑ. ඒත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න දවසින් දවස උඝ්ර වෙන තත්වයක් ඇතුළේ ලොක්කා මේ වතාවේ නම් තීරණයක් ගනීවි කියලා ආණ්ඩුවේම කට්ටිය සෑහෙන බලාපොරොත්තුවකින් ලු ඉන්නේ. ඔය තනතුර දැනට වෙනත් ඇමතිකමක් දරණ දොස්තර කෙනෙකුට දෙන්නය කියලා යෝජනා වුණත් ඒ දොස්තර ඇමතිතුමා මේකට කරගහන්න අකමැති වුණාය කියලා කතාවකුත් ගියා. කොහොම හරි අන්තිමේ දැන් ඒ දොස්තර ඇමතිතුමා සෞඛ්‍ය බාරගන්න කැමතිවෙලාය කියලා කතාවක් ආයෙ යනවා.

ක්‍රීඩා ඇමතිකමත් කචල් ගොඩක් වෙලානෙ තියෙන්නෙ. එයාව මාරු කරන්නය කියන ඉල්ලීමත් දැන් සෑහෙන කාලයක් තිස්සේ තියෙන එකක්. මේ වතාවේ නම් ඒකත් කෙරෙයි ලු.

පරිසර ඇමතිකම දරපු නසීර් අහමඩ්ගේ මන්ත්‍රීකම උසාවි නියෝගයකින් නැතිවුණාට පස්සේ දැන් ඒ ඇමතිකම ජනාධිපතිවරයා යටතට පවරාගෙන තියෙන්නේ. ඒකටත් කෙනෙක් පත් කරනවාද, නැද්ද කියලා ඉක්මනින් තීරණයක් ගනීවි ලු.

ඔය පුටු මාරුව අස්සේම පොහොට්ටු ජ්‍යේෂ්ඨයින් කීපදෙනෙකුටත් ඇමතිකම් දෙන්නය කියලා නෙළුම් මාවත පැත්තෙන් ඉල්ලීමක් ආවත් රටේ ලොක්කා ඒකට කැමතිවෙලා නෑ කියලාත් ආරංචියි.

කොහොම වුණත් අපේ අත්දැකීම අනුව නම් ඔය කැබිනට් සංශෝධනය සිද්ධ වෙනකල් ෂුවර් නෑ තමයි …. මොකද පහුගිය අවුරුද්ද ඇතුළේ ගත්තාම, ලොක්කා රට යන හැම වතාවකදීම වගේ ඔය කතාව ආයෙ ආයෙ කියවුණා නෙ …

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...