*
Saturday, October 19, 2024
spot_img

Latest Posts

කොහොමද මිනිස්සුන්ගේ ජන්දේ වැඩකරන හැටි.දේශපාලකයෝ විශ්‍රාම යනවා කියලත් ඇහෙනවා – හඳුන්නෙත්ති

කොළඹ LNW:ජනාධිපතිවරණ ජන්ද ප්‍රතිඵලයෙන් පසු ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක වෙන ආකාරය පෙනෙන්නට තිබෙන බව ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

ජනතා ජන්දයේ බලයෙන් විශ්‍රාම නොයන දේශපාලකයින් දැන් විශ්‍රාම යන බවත් අසන්නට ලැබෙන බවයි හදුන්නෙත්ති මහතා පවසන්නේ.

දැන් රට පාලනය අක්රණේ ජනතාව යන්න ජනතාවට දැනෙන්නට පටන් ගෙන තිබෙන බවද ඔහු කියාසිටියි.

”රනිල් හරි සජිත් හරි ආවා නම් විශ්‍රාම යනවා කියපු අය විශ්‍රාම යනවද? නැහැ. ඒගොල්ලෝ විශ්‍රාම යැව්වේ කාගේ ජන්දෙන්ද අපේ ජන්දෙන්. ජනතාව ජන්දේ දුන්නා මාලිමාවට. වැදුණා. මහ මැතිවරණයටත් වෙන්නේ ඕක. ඒගොල්ලෝ විශ්‍රාම යන්න තීරණය කරන්නේ අන්න ඒ නිසා. ලංකාවේ දේශපාලනයේ පළමු වතාවට දේශපාලකයෝ විශ්‍රාම යනවා කියලත් අපිට අහන්න ලැබුණා. මෙච්චර කාලයක් විශ්‍රාම ගියේ රජයේ සේවකයොනේ. දේශපාලකයෝ එක්කෝ මැරෙනකම් ඉන්නවා නැත්නම ගහල පන්න්නකම් ඉන්නවා. විශ්‍රාම ගිය අයත් සුළු පටු අය නෙවෙයි. පරම්පරාවම රට පාලනය කරනවා කියල හිතාගෙන හිටපු අය. ඒගොල්ලෝ පෙන්ෂන් යැව්වේ ජනතාවගේ ජන්දෙන්. ඒකට කියන්නේ ජනතාවගේ බලය, පරමාධිපත්‍ය බලය. රට පාලනය කරන්නේ ජනතාව කියල දැන් ජනතාවට දැනෙන්න පටන් අරන් තියෙනවා. අනුර දිසානායක සහෝදරයා දිවුරුම් දෙන්න විනාඩි 20යි, වියදම සොච්චමයි. ඉතුරු කරපු ගැන මිලියන් 200ක් විතර කියනවා. රනිල් වික්‍රමසිංහ හරි සජිත් ප්‍රේමදාස හරි ජනාධිපති වුණා නම් කෝටි ගාණක් වියදම් කරනවා. ඒක නැවැත්තුවේ කවුද? ජනතාව. අනුර සහෝදරයා ජනාධිපති වුණාට පස්සේ ප්‍රභූ ආරක්ෂාවත් වාර්තා කැඳවල අත්‍යවශ්‍ය අයට පමණයි. කෝටි ගාණක් ඉතුරු වෙනවා. එහෙම ඉතුරු කළේ කවුද? මහජනතාව. එහෙම තමයි මහජනතාවගේ ජන්ද වැඩකරන හැටි. අපි දන්නවා මීට අවුරුදු දෙකකට කලින් අපේ රට අවමානයට ලක් වුණු රටක්. රට බංකොලොත් වෙලා රටේ නායකයෝ හොරකම් කරනවා. රටේ සල්ලි පිටරටවල හංගනවා. රටට තෙල් ටික ගන්නවත් සල්ලි නැහැ. රුපියල කඩාගෙන වැටෙනවා. ගිය මාසෙට කලින් තරුණ තරුණියෝ පෝළිමේ හිටිය රට යන්න. දැන ජනාධිපතිවරණයෙන් පස්සේ කවුරු හරි කියනවා ඇහුනද මේ කාලකන්නි රටේ ඉදල වැඩක් නැහැ මම යනවා කියල. ඒ වෙනුවට අපට අහන්න තියෙන්නේ පිටරට ඉන්න අය ලෑස්තියි අපේ රටට සල්ලි එවන්න. රට දාලා යන එක වෙනුවට පිටරට ඉන්න මිනිස්සු ලංකාවට එන්න ලෑස්තියි. ඒ වෙනස ඇති කළේ කවු? මහජනතාව.” යනුවෙන් හදුන්නෙත්ති මහතා තවදුරටත් සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan