වාහන කිහිපයක් එකි නෙක ගැටී දක්ෂිණ අධිවේගයේ අනතුරක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19 , කොළඹ (LNW):

අද (19) පස්වරුවේදී දක්ෂිණ අධිවේගයේ වාහන කිහිපයක් එකි නෙක ගැටී අනතතුරක් සිදුව තිබේ.

කුරුඳුගහ සහ වැලිපැන්න ප්‍රවේශ මාර්ග අතර 66 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී ගාල්ල දෙස සිට කොළඹ බලා දිවෙන මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත.

අධිවේගී පොලීසිය පවසන්නේ, එක් වාහනයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.තවද අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර මේ වන විට අනතුරට පත් වාහන ඉවත් කර මාර්ගය වාහන ධාවනයට විවෘත කර ඇති බවද පොලීසිය පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

”ෆාදර්” විනිශ්චය අවි-නිශ්චිතය. ජනවාරි 09 සිට දිවයින පුරා සිනමා ශාලාවලදී!

කොළඹ LNW:එළඹෙන වසරේ තිරගත වීමට නියමිත ෆාදර් චිත්‍රපටයේ මාධ්‍ය...

අල්ලස් නීතිය ශක්තිමත් වන්නේ ඩිජිටල්කරණය වූ ගෙවීම් සමඟද?

2023 අංක 9 දරණ ශ්‍රී ලංකාවේ අල්ලස් හා දූෂණ...

කොළඹ නගර සභාවට මොකද වුණේ ? කැබිනට් ප්‍රකාශක දුන් පිළිතුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : අද (23)දින පැවැත්වූ...

‘ තිරසර කෘෂි වැඩසටහන’යළි ක්‍රියාවට නැංවේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ' තිරසර කෘෂි...