දුමිදුගේ ඇමෙරිකානු දස්කම්

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 19,  කොළඹ LNW:

දුමිදු අබේවික්‍රම මේ දිනවල ජාත්‍යන්තර බැඩිමින්ටන් පිටියේ වැඩි අවධානයක් දිනා ගනිමින් සිටියි.ඔහු ඇමෙරිකානු මහද්වීපයන් හී තරගවලට සහභාගි වෙමින් සූරතාවයක් සහ අනු සූරතා දෙකක් දිනා ගැනීම නිසා මේ ආකාරයට අවධානය දිනා ගනිමින් සිටියි.


දුමිදු කැරිබියානු දූපතක් වන ඩොමිනිකන් රාජ්‍යයේ පැවති XIV Santo Domingo Open 2025 තරගාවලියේ දී අවසාන පූර්ව තරගය දක්වා පැමණීමට සමත් විය.මේ තරගවාර තුළ ඔහුට එරෙහිව නැඟී සිටි ප්‍රධාන තරගකරුවෙක් වන ඇමෙරිකාවේ මාර්ක සෙලී ඉදීරියේ යළිත් පරාජය භාර ගැනීමට දුමිදුට සිඳු වූ අතර එහිදී ඔහු ලකුණු 21 – 16 සහ 21 – 19 ක් ලෙස විනාඩි 54 ක් පුරා පැවති තරගයෙන් පරාජයට පත් විය.


එසේම මේ වන විට දුමිදු සහභාගි වන වෙනිසුලාවේ ඔක්තෝම්බර් 22 සිට 26 වන දා පැවත්වෙන II Venezuela International 2025 තරගාවලියේ දී පිරිමි කේවල අංශයේ තරගාවලිය ආශ්‍රීත ශ්‍රේණිගත කිරීම් හී පළමුවැන්නාව සිටියි.මේ වන විට අවසන් 16 දෙනාගේ තරග වටයේ පළමු තරගයේ නිතරග ජය සමඟ අර්ධ අවසන් පූර්ව වටයට පිවිස සිටින දුමිදුට අවසාන තරගයට පිවිසීමට සහ තරගාවලිය ජය ගන්නට ඉහළ ඉඩක් නිර්මාණය වී ඇත.
දුමිදු මේ වන විට ජගත ශ්‍රේණිගත කිරීම් හී 118 වන තැන පසු වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකය ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

හෙට (04) දවසේ කාලගුණය ගැන අවදානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : හෙට දින (04)...

අසරණ ජනතාව තවත් අසරණ කරන අසාධාරණ බස්‍ ගාස්තු මාෆියාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : රටම ආපදාවට ගොඳුරු...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව(දෙසැම්බර් 02 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 86 🛑 තුවාලකරුවන් සංඛ්‍යාව...