වසර 10 කට පසු නාගරීකරණය සම්බන්ධයෙන් සමීක්ෂණයක්! 44.57% ක් නාගරික ජනහනය වැඩිවෙලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ නවතම සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ නාගරික ජනගහණය සියයට 44.57ක් දක්වා වැඩි වී ඇති බව හෙළිවී ඇත.

2012 වසරේදී අවසන් වරට ශ්‍රී ලංකාවේ නාගරීකරණය සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කර ඇති අතර එම ජන හා නිවාස සංගණනයට අනුව මෙරට නාගරීකරණය 18.2 %ක් බව සඳහන් වී ඇත.

ඒ අනුව එතැන් සිට මේ දක්වා වසර 10කට වැඩි කාලයක් තුළ මේ දක්වා මෙරට නාගරීකරණය 44.57%ක් වී තිබේ. මෙම වාර්තාව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා වෙත භාරදීම පෙරේදා (17) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු කෙරිණි.

එය භාරදුන්නේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහතා විසිනි. නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නගර හා ග්‍රාම නිර්මාණ පනත අනුව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම සමීක්ෂණය සිදුකර ඇත.

මෙම සමීක්ෂණ වාර්තාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට පෙර මෙය ජනාධිපතිවරයාට සහ සියලු දිස්ත්‍රික් කමිටුවලට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා ලෙස මෙහිදී ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

මෙම සමීක්ෂණයට අනුව මෙරට ප්‍රාදේශීය සභා 276 තුළ පිහිටි ග්‍රාම නිලධාරී වසම් 12,773 අතුරින් ග්‍රාම නිලධාරී වසම් 3,025ක් නාගරික ප්‍රදේශ වශයෙන් හඳුනාගෙන තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 23.68%ක් වේ.

මෙම සමීක්ෂණයට අනුව මෙරට නාගරික ජනගහන ප්‍රතිශතය වැඩිම දිස්ත්‍රික්කය වන්නේ කොළඹයි. එහි ප්‍රතිශතය 96.74%කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 76.76%ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 67.28%ක ප්‍රතිශතයක් පෙන්නුම් කරයි.

අඩුම නාගරික ජනගහණ ප්‍රතිශතය වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි. එය 2.84%ක් ලෙස සටහන් වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...

STARLINK දැන් ශ්‍රී ලංකාවටත්!

සටහන – පුලී ජූලි 02, කොළඹ (LNW): ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන්...