ගංවතුරින් අවතැන්වූවන්ට මහනුවර දිස්ත්‍රික්කයෙන් රුපියල් ලක්ෂ 25ක ද්‍රව්‍යාධාර

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW):
ගංවතුර හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ අවතැන්වූවන් සඳහා රුපියල් ලක්ෂ 25ක් වටිනා ද්‍රව්‍යාධාර ප්‍රදානය කිරීම මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) සිදු කෙරිණි.

මහනුවර දිස්ත්‍රික්කයේ දානපතියන්ගේ ආධාර උපකාර මත මාතර දිස්ත්‍රික්කය සඳහා රැගෙන ගිය එම වියළි සලාක තොගය මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතා වෙත භාරදීම මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුවිය.

අධික වැසි හේතුවෙන් අවතැන් කඳවුරුවල ලැගුම් ගෙන ඇති පිරිස් සඳහා මෙම ආධාර ලබාදීමට නියමිතය.

මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ හා පුද්ගලික ආයතන, ව්‍යාපාරික ආයතන හා වෙළඳ සංගම්, පාසල් ඇතුලු විවිධ ආයතනවල දායකත්වයෙන් මෙම ආධාර තොගය රැස්කර ගන්නා ලද්දේ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ අදහස් අනුවය.

ඒ අනුව එක්රැස් කර ගත් සහල් මෙට්‍රික් ටොන් 08ක්, පරිප්පු මෙට්‍රික් ටොන් 01ක්, සීනි, තිරිඟු පිටි, ඖෂධ, සබන්, ගිනි පෙට්ටි, පානීය ජල බෝතල් ආදියෙන් සමන්විත මෙම ද්‍රව්‍යාධාර මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත්වීම මත අවතැන්වූවන්ට බෙදාදීමට නියමිතය.

මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් භාණ්ඩ තොගය ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් වැල්ලහේවා මහතා, මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් උමේෂා මාතරගේ මහත්මිය, අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා අබේසිංහ මහත්මිය, මහනුවර දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ රම්‍යා විජේසුන්දර මහත්මිය, මාතර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ දොඩම්පෙ ගමගේ මහත්මිය, මහනුවර සහකාර දිස්ත්‍රික් ලේකම් එල්.එච්.එම්.සඳමාලී මහත්මිය, ආපදා කළමණාකර මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධක්ෂ ඉන්දික රණවීර මහතා ඇතුලු නිලධරීන් පිරිසක් සහභාගී විය.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...

චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්!

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ...

වෙරළ සංරක්ෂණ බලකාය මාර්ග සංරක්ෂණය කරද්දී දෙහිවල – ගල්කිස්ස මහ නගරසභාව මර නින්දේ !

පහත ඡායාරූපවලින් දිස්වන්නේ දෙහිවල පාලම අසල වෙරළ තීරයේ පවතින...

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...