පාර්ලිමේන්තු මන්ත්‍රී මානප්පෙරුමගේ පාර්ලිමේන්තු සේවා කාලය සති 4කට අත්හිටුවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලි‍මේන්තු සභා ගර්භය ඇතුළත තිබියදී සෙංකෝලය ස්පර්ශ කිරීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරුමගේ පාර්ලිමේන්තු සේවා කාලය සති 4කට අත්හිටුවන බව කතානායකවරයා නිවේදනය කළේ ය.

පාර්ලි‍මේන්තු සභා ගර්භය‍ තුළ තිබියදී සෙංකෝලය ස්පර්ශ කිරීම බරපතළ විනය විරෝධි ක්‍රියාවක් බව පැවසූ කතානායකවරයා , ඒ අනුව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාට අද (19) දිනයේ සිට සති හතරක කාලයකට මෙලෙස පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගිවීම තහනම් කළ බව පැවසීය.

එමෙන්ම පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් ස්ථාවර නියෝග අනුව විනයානුකූලව ක්‍රියා කළ යුතු බව ද කතානායකවරයා මෙහිදී අවධාරණය කළේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ කටයුතු අතරතුරු දී වාචික ප්‍රශ්න විමසන අවස්ථාවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් විනාඩි 10 ට පාර්ලිමේන්තුව කල් තැබීමටද කථානායකවරයා කටයුතු කරනු ලැබීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය! 

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : 2026 ජනවාරි මස...

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...