පාර්ලිමේන්තු මන්ත්‍රී මානප්පෙරුමගේ පාර්ලිමේන්තු සේවා කාලය සති 4කට අත්හිටුවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලි‍මේන්තු සභා ගර්භය ඇතුළත තිබියදී සෙංකෝලය ස්පර්ශ කිරීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරුමගේ පාර්ලිමේන්තු සේවා කාලය සති 4කට අත්හිටුවන බව කතානායකවරයා නිවේදනය කළේ ය.

පාර්ලි‍මේන්තු සභා ගර්භය‍ තුළ තිබියදී සෙංකෝලය ස්පර්ශ කිරීම බරපතළ විනය විරෝධි ක්‍රියාවක් බව පැවසූ කතානායකවරයා , ඒ අනුව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාට අද (19) දිනයේ සිට සති හතරක කාලයකට මෙලෙස පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගිවීම තහනම් කළ බව පැවසීය.

එමෙන්ම පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් ස්ථාවර නියෝග අනුව විනයානුකූලව ක්‍රියා කළ යුතු බව ද කතානායකවරයා මෙහිදී අවධාරණය කළේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ කටයුතු අතරතුරු දී වාචික ප්‍රශ්න විමසන අවස්ථාවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් විනාඩි 10 ට පාර්ලිමේන්තුව කල් තැබීමටද කථානායකවරයා කටයුතු කරනු ලැබීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...