ජුලී චන්ග් හමුවූ අනුර දිසානායක

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් (Julie Chung) මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා අතර හමුවක් අද (19) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙම හමුව සඳහා එ.ජ. තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරි මැතිව් හින්සන් (Matthew Hinson) සහ දේශපාලන විශේෂඥ නස්රීන් මරික්කාර් (Nazreen Marikkar) යන මහත්ම මහත්මීහුද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන මහත්වරු එක්ව සිටියහ.

මෙහිදී ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම හේතුවෙන් සිදු වෙමින් පවතින මානුෂීය ව්‍යසනය වැළැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් කඩිනමින් මැදිහත්වීමේ අවශ්‍යතාව ජාතික ජන බලවේගය එ.ජ. තානාපතිවරියගේ අවධානයට ලක් කරන ලදී.

මේ වන විට ශ්‍රී ලංකාවේ ජනතාව විඳිමින් සිටින ආර්ථික දුෂ්කරතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් හමුවේ තීව්‍ර වී තිබීම පිළිබඳව ජාතික ජන බලවේගය කරුණු දක්වා සිටි අතර, එක්සත් ජනපදය වසරක කාලයක් තුළ ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලෙස ඩො.මි. 278ක් ප්‍රදානය කර තිබෙන බව තානාපතිවරිය සඳහන් කළාය.

ආණ්ඩුව විසින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යටපත් කිරීමට ගන්නා උත්සාහය පිළිබඳව මෙහිදී ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් පෙන්වා දෙන ලදී. පළාත් පාලන මැතිවරණය කල්දැමීම, පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටීම සහ එළඹෙන ජනාධිපතිවරණය නොපවත්වා සිටීමට උත්සාහ කිරීම පිළිබඳව ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් තානාපතිවරිගේ අවධානයට ලක් කරවන ලදී.

එළඹෙන 26වැනි දින ඇරඹෙන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ එක්සත් ජනපද සංචාරයට සුබපැතීමටද තානාපතිනිය මෙහිදී කටයුතු කළාය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...