ඉන්දියාවේ පළල පෙන්වන විරාට්ගේ වයිඩ් එක

Date:

ලෝක කුසලාන තරගාවලියේ බංගලාදේශයට එරෙහිව ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් විරාට් කෝලි ලබා ගත් ශතකය ඉතා විශිෂ්ඨ එකකි.නමුත් පන්දු ගණන සහ ජයග්‍රහණයට අවශ්‍යය ලකුණු ගණන අතර තිබූ පරතරය සැළකුව විට විරාට්ට එම ශතකය අහිමි වන්නට ද ඉඩ තිබිණි.


අවසානයේ එම තත්ත්වය සමනය කරන්නට විනිසුරු එංගලන්ත ජාතික රිචඩ් කෙට්ල්බර්ග් මැදිහත් වූ බව මේ වන විට ලොව පුරා ක්‍රිකට් මාතෘකාවක් බවට පත් වි ඇත.බංගලාදේශ ක්‍රීඩක නසුම් අහමඩ් පන්දු යවන විට කෝලිට ශතකයට අඩුව තිබුණේ ලකුණු 3 කි.ජයග්‍රහණයට ලකුණු 2 ක් අඩුව තිබිණ.එහිදි නසුම් විසින් විරාට් පා ඉන්නෙන් යොමු කළ පන්දුව වයිඩ් පන්දුවක් විය යුතුව තිබිණ.විරාට් පන්දුවෙන් ඉවත් වූ අතර එය පා ඉන්නට පිටින් කඩුලු රකින මුෂිෆිකර් රහීම් රැක ගත්තත් විනිසුරු රිචඩ් කෙට්ල්බර්ග් එය වයිඩ් පන්දුවක් හැටියට සළකුණු නොකළේය.


ඒ සළකුනු නොකළ පන්දුවට පසුව විරාට් හයේ පහරකින් ඉන්දීය ජය මෙන්ම තමන්ගේ ශතකයද සම්පූර්ණ කළ විනිසුරුගේ එම ක්‍රියාවෙන් කලු ලකුණක් එකතු වූයේ විරාට් රැස් කළ විශිෂ්ඨ ශතකයටය.කුමන ආකාරයෙන් හෝ ජය පමණක් අපේක්ෂා කරන තත්ත්වයට පත්ව ඇති ඉන්දීය ක්‍රිකට් සිය ආධිපත්‍යය මේ වන විට ලෝක ක්‍රිකට් සමාජය තුළ ව්‍යාප්ත කර තිබෙන ආකාරය ගැන නිදසුනක් හැටියට විනිසුරු රිචඩ්ගේ මේ හැසිරීම ගත හැකිය.


විනිසුරුවරයෙක් එසේ හැඟීම්බරව හෝ කුමන හෝ පක්ෂපාතීත්වයක් පෙන්වමින් කටයුතු කිරීමේ අදහස යහපත් එකක් නොවේය.ඒ තත්ත්වය මත පිතිකරුවෙක්ට ශතකයක් ලබා ගැනීමට තීරණාත්මක මොහොතකදී දැවී යාමක් නොදි වුව සහය දීමට ඉදිරිපත් වීමට විනිසුරුවරයෙක්ට හැකියාව ඇත.ඉදිරියේදී රචඩ් කෙට්ල්බර්ග්ගේ හැසිරීම ගැන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල දක්වන ප්‍රතිචාරයන් කවරේද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්ය.එයින් සමස්ත ලෝක ක්‍රිකට්ම ඉන්දීය ක්‍රිකට්වල පළලෙන් අඩු කළ විට ඉතා කුඩා එකක් බවට පැතිර තිබෙන ප්‍රසිද්ධ කතාවේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සාක්ෂි සපයනු ඇත.
මේ සමඟ ඇත්තේ තරගය අවසානයේ විරාට් සහ විනිසුරු රිචඩ් ගේ හැසිරීම දක්වන ඡායාරූපයකි.තරගයේ ලකුණු සටහනට ද මේ සමඟ ඇති සබැදියෙන් පිවිසෙන්නට හැකිය.


https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/india-vs-bangladesh-17th-match-1384408/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් වැස්ස: ප්‍රදේශ කීපයකට තද සුළං(2025.06.21 කාළගුණය)

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : බස්නාහිර, සබරගමුව සහ...

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...