හිටපු මන්ත්‍රී ගම්මන්පිලගෙන් විශේෂ මාධ්‍ය හමුවක්!

Date:

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මේ වන විට විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සිටියි.

තමන් කියූ පරිදිම මෙතෙක් හෙළිනොකළ පාස්කු විමර්ශන වාර්තා අද දින ප්‍රසිද්ධ කරන බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධ ඒ.එන්.ජේ ද සිල්වා වාර්තාව ප්‍රසිද්ධ කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇත්ත දැනගැනීමේ අයිතිය ජනතාව සතු වන අතර මෙම වාර්තා අනාවරණය නොකිරීමෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවයි ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව මෙම වරද ජනාධිපතිවරයා සිය ධූරයෙන් නෙරපා හැරීම සඳහා දෝෂාභියෝගයක් ගෙන ඒමට ප්‍රමාණවත් බවද ඔහු කියාසිටියි.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පත් කිරීම ගැනද ගම්මපිල මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේදී අභියෝගයට ලක් කළේය.

රවී සෙනෙවිරත්න මහතාගෙන් පාස්කු යුක්තිය අපේක්ෂා කළ නොහැකි බවයි ඔහු පැවසුවේ.

හිටපුමන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් අද මෙලෙස මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළද ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේදී පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කළ අතර මේ වන විට නිවැරදි නිලධාරී යාන්ත්‍රණයක් ඔස්සේ විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන විට වසර පහක් පුරා කෝමා වී සිටි ඇතැමුන් අවදි වී සිටින බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...