එදා නිහඩව හිටි අය දැන් වීරයෝ වෙලා.නව රජයේ පාස්කු විමර්ශන ගැන අපිට බලාපොරොත්තුවක් තියෙනවා!

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන් මෙතෙක් කල් නිහඬව සිටිමින් එම විමර්ශනවලට බාධා කරමින් සිටි අය දැන් අමුතු කැක්කුමකින් කතා කරමින් සිටින අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අලුත් වීරයින් පිරිසක් බිහි වී සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පවසති.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය හෙළි කිරීම සඳහා මේ රටේ නායකයා තමන්ට පොරොන්දුවක්දී ඇති අතර තමන් ඒ ගැන දෑස් විවෘත කරමින් බලා සිටිනා බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ.

පසුගිය රජය විසින් පත් කළ කමිටු දෙකේම වාර්තා රදගුරු මණ්ඩලයට ලබා දී ඇති බවත් පළවෙනි වාර්තාවේ ඇත්තේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශම බවද අගරදගුරු හිමිපාණන් වහන්සේ කියසිටිති.

”පාර්ලිමේන්තුවේ ඉඳලා වචනයක් වත් කතා කරන්නේ නැතුව අපේ වැඩට බාධා කරමින් සිටි අය. දැන් අමුතු කැක්කුමකින් කතා කරන්න පටන් ගෙන තිබෙනවා. කෙමිෂන් සභාවල වාර්තා කෝ ඒවා කොහේද තියෙන්නේ කියා කියමින් වාර්තා කෝ කියමින් විමසනවා. පාස්කු දින ප්‍රහාරයේ අලුත්ම වීරයෝ පිරිසක් බිහි වී තිබෙනවා. ඒ අය වැඩක් නැහැ. පසුගිය රජය විසින් පත් කළ කමිටු දෙකක් තිබෙනවා. ඒ වාර්තා කතෝලික රදගුරු මණ්ඩලයට ලබා දුන්නා. පළවෙනි වාර්තාවේ තියෙන්නේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශම යි. ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශම ලියන්න කොමිටියක් පත් කරන්න ඕනද? හැබැයි එතන තව පොඩි කට්ට වැඩක් කළා. ඒ නිර්දේශවලට අතරව දැන් රජය පැත්තේ වැඩ කරන උසස් නිලධාරීන් දෙන්නෙක්ට නීතිමය කටයුතු කරන්න කියලා කොමිටියෙන් යෝජනා කළා. ඒ කොමිටියට ඒ යෝජනා දුන්නේ කවුද, ආණ්ඩුවම යි.

ආණ්ඩුවට ඕන ඔන විදියට පාස්කු ප්‍රහාරයේ විමර්ශන මේ අතට ඒ අතට අර අතට යවන්න අපි සූදානම් නැහැ. ඒවා පිළිගන්න අපි සූදානම් නැහැ. අපිට ඕනේ මේකේ ඇත්ත කවුද?. ඇත්තටම මොකක්ද වුනේ කියා විමර්ශනය කිරීම පමණයි. මේ රටේ නායකයා අපිට පොරොන්දුවක් දීලා තිබෙනවා. ඒ ගැන විමර්ශන ආරම්භ කරයි. අපි ඇස් දෙක ඇරගෙන බලාගෙන ඉන්නේ අපේ නායකයා දුන් ඒ පොරොන්දුව ඉටු කරයි කියන විශ්වාසයෙන්” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් පවසති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...