අද ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට භූතානය හමුවේ.තරගය සජීවීව නරඹන ලින්ක් එක මේ සමඟ ඇත

0
183

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 21,(LNW) කොළඹ :

දකුණු ආසියානු කාන්තා පාපන්දු සූරතාවලිය සඳහා තරග වඳින ශ්‍රී ලංකා කණ්ඩායම අද භූතානය හමුවීමට නියමිතව තිබෙනවා.පළමු තරගයෙන් මාල දිවයිනට එරෙහිව ගෝල 1-0 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයේදී ප්‍රතිවාදී කණ්ඩායමට එරෙහිව හොඳින් දස්කම් දැක් වූ අතර එම තරගයේදී ශ්‍රී ලංකාවට තවත් ගෝල ගණනාවක් ලැබීමට තිබුණු ඉඩ අහිමි වුණා.


අද තරගයේදී මාල දිවයින කණ්ඩායමට එරෙහිව දක්වන ද දක්ෂතා ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන්නට මෙන්ම එම තරගයේදී සිඳු වූ අඩු පාඩු ද නිවැරදි කරගෙන ඉතා හොඳින් ක්‍රීඩා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවනට ශක්තිය ප්‍රාර්ථනා කරනවා.
අද තරගය පහත සබඳතාවය හරහා ගොස් ඔබට යූටියුබ් නාලිකාව හරහා නැරඹීමටද අවස්ථාව තිබෙනවා.


https://www.youtube.com/watch?v=5xuf5jxfmq8

http://www.sportwaynews.com