මහ මොළකරු ඉතින් නවුෆර් මවුලවි. වෙන කෙනෙක් ඉන්නවා නම් දන්න කෙනෙක් කියන්න – පාස්කු මහ මොළකරු ගැන ප්‍රශ්නයට ගම්මන්පිලගේ ප්‍රතිචාරය!

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන ඇත්තේ සහරාන් හෂීම්ගේ ගුරුවරයා ලෙස සැලකෙන නවුෆර් මවුලවි වන අතර ඔහු නොවන වෙනත් මහ මොළකරුවෙකු වෙත්නම් ඒ ගැන ප්‍රකාශ සිදුකරන පාර්ශව විසින් මහ මොළකරු ගැන හෙළිදරව් කළ යුතු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු හෙළි කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවේදී එම ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන්ද යන්න පිළිබඳ හෙළි නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් හිටපු මන්ත්‍රීවරයාගෙන් කළ විමසීමට පිළිතුරු දෙමිනි.

මෙම මාධ්‍ය හමුවේදී මහ මොළකරු සම්බන්ධයෙන් ද යම් හෙළිදරව්වක් සිදුවනු ඇති බවට විශ්වාස කළ බවයි එහිදී මාධ්‍ය විසින් පැවසුවේ.

”මහා මොකරු ගැන කියද්දී මේක ඇමරිකාවේ FBI, ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිස් මේ සම්බන්ධයෙන් ගැඹුරු විමර්ශනයක් කරලා අත්අඩංගුවට අරන් ඉන්නේ ඇත්තටම චුදිතයින්. තවදුරටත් පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවක් නැහැ කියල නිගමනය කරල තමයි ඔවුන් පරීක්ෂණ කටයුතු අවසාන කළේ. ඊට වඩා මහ මොළකරුවෙක් දන්නවා නම් මහා මොළකරු හෙළිකරනු කියන අය ඒක හෙළිකරන්න ඕනේ. නැත්නම් ජනාධිපතිතුමාට කියනවා මහ මොලකරු ගැන කතා කරන කෙනාගේ ප්‍රධානත්වයෙන් ඒක පුද්ගල කමිටුවක් පත්කරලා හරි මහ මොළකරුවෝ එළියට ගේන්න. නොදන්නා මහ මොළකරු විමර්ශකයන්ටත් අහුවෙන්නේ නැත්නම් හැබැයි මහ මොළකරුවෙක් ඉන්නවා කියල කවුරු හරි දන්නවා නම් එයාගේ යුතුකම තමයි වහාම ඇවිල්ල පොලීසියට කියන්න අපි දන්නවා මහ මොලකරුවෙක් ඉන්නවා කියල ඒ මෙයා. දැනට මහ මොළකරු සහරාන්ගේ ගුරුවරයා හැටියට හිටපු නවුෆර් මවුලවි තමයි මහ මොළකරු විදිහට ඉන්නේ. ඒක වැරදි නම් ඒක දන්නා කෙනෙක් මේ විමර්ශනයට සහය විය යුතුයි. මහ මොළකරු ගැන මාධ්‍ය හමුවේ කියල වැඩක් නැහැ. තමන් දන්නා තොරතුරු ලබාදෙන්න. නැත්නම් ඒ අය කරන්නේ දේශපාලන විජ්ජාවක් කියන එක තමයි අපිට නිගමනය කරන්න වෙන්නේ.”

ඒ අනුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් වන ප්‍රශ්නය එලෙස පරණ සුපුරුදු තැන නවතින විට උදය ගම්මන්පිල මහතාගේ චෝදනාගේ එල්ල වූයේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීයාව සිටි මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා වෙතය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...

ශිරන්තිගේ සහෝදරයා රිමාන්ඩ් !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත්...