මිනිසුන් භේදභින්න කරන්න සංගීතය යොදාගන්න එපා: ට්‍රම්ප්ගේ AI වීඩියෝවට යොදාගත් සංගීත ඛණ්ඩයේ හිමිකරුට මල පනී!

Date:

සටහන – පුලී

ඔක්තෝම්බර් 21, කොළඹ (LNW): කෙනී ලොගින්ස් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නවතම AI වීඩියෝව ගැන එච්චර හොඳ කොමෙන්ටුවක් නම් ලබා දී නොමැත

“I’m Alright,” “This Is It” සහ “Footloose” ඇතුළු ගීත සඳහා ප්‍රසිද්ධ සංගීතඥයෙකු වන ලොගින්ස්, ට්‍රම්ප් ඔහුගේ ජනප්‍රිය ගීතයක් වන “Danger Zone” හි කොටස් භාවිතා කරමින් AI-ජනනය කරන ලද වීඩියෝවක් පළ කිරීමෙන් පසු ඊට ප්‍රතිචාරයක් මෙලෙස දැක්විය.

ට්‍රම්ප් සෙනසුරාදා රාත්‍රියේ Truth Social වෙත බෙදාගත් AI වීඩියෝවේ, ජනාධිපතිවරයා “No Kings” විරෝධතාකරුවන්ට මළපහ මෙන් පෙනෙන දියරයක් දමන අතරතුර ප්‍රහාරක ජෙට් යානයක් ක්‍රියාත්මක කරන ආකාරය දැක්වීය.

“මෙය මගේ ‘Danger Zone’ ප්‍රසංගයේ අනවසර භාවිතයකි. මේ සඳහා කිසිවෙකු මගෙන් අවසර ඉල්ලා සිටියේ ද නැත, එසේනම් මම එය ප්‍රතික්ෂේප කරන්න තිබුණා, මේ වීඩියෝවේ මගේ පටිගත කිරීම වහාම ඉවත් කරන ලෙස මම ඉල්ලා සිටිමි,” ලොගින්ස් ඔහුගේ ප්‍රකාශයේ මෙලෙස සඳහන් කළ අතර එය ඔහුගේ නිල වෙබ් අඩවියේ ද පළ කරන ලදී.


විවිධාකාර තනි මතයන් සමඟ ඔවුන්ගේ සංගීතය භාවිතා කිරීමට හෝ සම්බන්ධ කිරීමට කිසිවෙකුට අවශ්‍ය වන්නේ මන්දැයි මට සිතාගත නොහැකි බව” ලොගින්ස් තවදුරටත් පැවසීය.

“බොහෝ අය අපව වෙන් කර දැමීමට උත්සාහ කරන අතර, අපි එකට එකතු වීමට නව ක්‍රම සොයා ගත යුතුය. අපි හැමෝම ඇමරිකානුවන්, අපි හැමෝම දේශප්‍රේමීන්”

අපි මේ රට තුළ එකට ඉන්නවා, අපි හැමෝම සැමරීමේ සහ එක්සත් කිරීමේ ක්‍රමයක් ලෙස සංගීතය වැළඳ ගත හැකි බව මගේ බලාපොරොත්තුවයි! ලොගින්ස් ඔහුගේ මතයන් මෙලෙස විවිරණය කරමින් ප්‍රකාශ කළේ කළකිරීමක් පෙර දැරිවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...