සුවසැරිය නම් ප්‍රශ්නය මෙන්න උත්තරය!

Date:

කොළඹ LNW:සුවසැරිය ගිලන්රථ සේවාවට අදාළව එහි වර්ණය හෝ, නම හෝ කිසිවක් වෙනස් නොවන අතර පනතට අනුව තවදුරටත් සංවර්ධනය කර පවත්වාගෙන යාම සඳහා මණ්ඩලයක් පත්කර තිබෙන බව සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (21) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

සුවසැරිය සේවාව සම්බන්ධයෙන් විපක්ෂයෙන් මතුකළ කාරණා කෙරෙහි අවධානය යොමුකරමින් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරමින්ඒ බව කියා සිටියේය.

රාජිත සේනාරත්න රමේෂ් පතිරණ වැනි ඇමතිවරු ආරම්භ කළ වැඩසටහන් නවීකරණය කරමින් සංවර්ධනය කරමින් පවත්වාගෙන යන බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

”අපිට වැදගත් වෙන්නේ සේවාව සංවර්ධනය කිරීම මිසක් මේක ජනතාවගේ ඕනෑම හදිස්සියකදී මතක හිටින අංකයක් බවට පරිවර්තනය කිරීම මිසක් මේකේ කොළ පාට හරි ගහල තියෙන සමනලයෙක් හරි වෙන මොකක්හරි වෙනස් කරන්න නෙවෙයි. ඒ පාට එලෙසම පවතිනවා. 1990 එලෙසම පවතිනවා. සුව සැරිය නම එලෙසම පවතිනවා. මේකේ තියෙන පනතෙන් වැඩි දියුණු කරමින් පවත්වාගෙන යනවා. ඒක තමයි කරමින් යන්නේ. ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් මණ්ඩලයක් පත්කළා. යුද හමුදාවේ හිටපු මේජර්වරයෙක්, ව්‍යාපාරිකයෙක්,වෛද්‍යවරයෙක්, නීතිඥයෙක් ඇතුළු මේකට මැදිහත් විය හැකි රටේ වෙන ක්ෂේත්‍රවල හැකියාවන් පෙන්වපු දක්ෂතාවය සහිත කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අය මේ කටයුතු ඉදිරියට කරගෙන යාවි. ”
මේ අතර සුව සැරියේ ටයර් මාරු කිරීමට හෝ බැටරි මාරු කිරීමට තමන්ට තවත් කෙනෙක්ගෙන් විමසිය යුතු නැති බවද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී අහිමි වූ මොඩියුල් ක්‍රමයට 2027දී වෙන දේ..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : 2026 වසරේදී හය...

පුදුමාකාර විදිහට දුක්වුණා….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...

හිටපු අගමැතිනි හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු බංග්ලාදේශයේ පළමු ජාතික මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වම අතේ තැලීම් සලකුණ ලෝකය පුරා වෛරල් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...