*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

නෙත්මිට පස්වන තැන

ස්පාඤ්ඤයේ පොන්ටෙවෙඩ්රා හී පැවත්වෙන අවුරුදු 23 න් පහළ ලෝක මල්ලව පොර සූරතා තරගාවලියේ කිලෝ ග්‍රෑම් 55බර පංතියේ ලෝකඩ පදක්කම සඳහා වූ තරගයේ දී ඇමෙරිකාවේ ඇලීෂා සූ හෝර්ක් සමඟ තරගයෙන් ලකුණු 13 – 05 ක් ලෙස නෙත්මි අහිංසා ප්‍රනාන්දු එම බර පංතියේ පස්වන තැන දිනා ගත්තාය.
තරගයේ මුල් වටයේ ආරම්භයේදී නෙත්මි ලකුණු 3 – 2 ක් ලෙස පෙරමුණේ රැඳී සිටියත් හෝක් එම වටය 8 – 3 ක් ලෙස පෙරමුණේ සිට අවසන් කරන්නට සමත් වූවාය.නැවත දෙවන වටයේදි ලකුණු 5 ක් හෝක් එකතු කර ගනිද්දී නෙත්මිට ලබා ගන්නට ලැබුණේ ලකුණු 2 ක් පමණි.

පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ ලෝකඩ පදක්කම්ලාභී නෙත්මිට මේ තරගාවලියේ දී එම තරගාවලියේදී හමු නොවන රටවල් ගණනාවක ක්‍රීඩිකාවන් සමඟ සටන් කරන්නට සිඳු වන අතර ඇය එහිදී පැහැදිළි කර පෙන්වූයේ පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම අහම්බයක් නොවන බවය.මල්ලවපොර ක්‍රීඩිකාවකට අවශ්‍යය පෝෂණය ඇයට අත්‍යවශ්‍යයම අංගයක් වන අතර ගමේ කොස් දෙල් ප්‍රවර්ධනය කරන මාධ්‍ය මෙහෙයුම්වලින් මිදී ඇයව වැඩිපුර මාංශමය ආහාර වෙත යොමු කිරීමේ කටයුත්ත බලධාරීන් පැත්තෙන් සිඳු විය යුතුය.

වඩා විධිමත් පුහුණුවක සහ හොඳ පෝෂණයක නිරන්තරයෙන් ඇය රඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන් ගන්නා උත්සාහයන්වලට සාපේක්ෂව ඇය ඉදිරියේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ අත් කර දෙනු ඇත.යම් වෙහෙසකර බවක් තරගයේ අවසාන භාගය වන විට නෙත්මිගෙන් දකින්නට ලැබුණත්,ඇය තරගය පුරා ඇමෙරිකානු ක්‍රීඩිකාවට පහසුවෙන් ඇයව අභිබවා යන්නට ඉඩ නොඳුන්නාය.පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියටත් වඩා ඇය මේ තරගාවලියේ දි පදක්කමක් නොදිනුවත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකාවක් ලෙස ඇය රැඳී සිටින ස්ථාවරය පැහැදිළි කළාය.අවුරුදු 18 ක් වූ නෙත්මිට මෙම තරගාවලියේ දී හමු වු සෑම ක්‍රීඩිකාවක්ම ඇයට වසරකින් හෝ වැඩිමහල් ක්‍රීඩිකාවක් වූ අතර ඇය ලෝකඩ පදක්කම සඳහා වූ තරගයේදි තරග වැදුණ ඇමෙරිකානු ක්‍රීඩිකා හෝක් විසි දෙහැවිරිදි වියේ පසු වූවාය.

මෙම බර කාණ්ඩයේ රන් පදක්කම ජපානයට හිමි විය.ජයග්‍රාහී මොයේ කියෝකා තරගාවලිය පුරාමප්‍රතිවාදීන්ට ඇය සමඟ තරග කර එකඳු ලකුණක් හෝ ලබා ගන්නට ඉඩ නොඳුන්නාය.ඇය අගෝස්තු මාසයේ පැවති අවුරුදු 20 න් පහළ ලෝක සූරතාවලියේ දී ද මෙම ඉසව්වේ රන් පදක්කම දිනූ ක්‍රීඩිකාවය.පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නිමා වූ සැනින්ම පැවති එම තරගාවලියට නෙත්මි එවකට පුහුණුව ලබමින් සිටි රුමේනියාව හරහාම පිටත් කර හැරීමට පහසුකම් සකසා ගන්නට තිබුණත් නෙත්මිගේ ලෝකඩ පදක්කම තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිවලට රන් පදක්කමක් කර ගන්නට උත්සාහ කළ කිසිවෙක් එවැනි සැළසුමක් සකස් කිරීමට මැදිහත් නොවිණ.නිලධාරීන් ද හොඳින් ඇඳ පේවී ඇය සමඟ ඡායාරූප ගැනීමට අමතරව එවැනි සැළසුමක් ගැන කල්පනාවේ අග්ගිස්සකටවත් ගෙන නොතිබිණි.එසේ වූවානම් නෙත්මිට මේ ක්‍රීඩිකාවන් මීට මාස කිහිපයකට පෙර මුණ ගැසීමේ වාසිය අත් කර ගැනීමට ඉඩ තිබිණ.

වෙල්පල්ල සංඝරත්න විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නෙත්මි මෙන්ම මේ තරගාවලිය නියෝජනය කළ ඇයගේම පාසලේ සහ ඇයගේම පංතියේ මිතුරියක වන චමෝද්‍යා කේෂානි කිලෝග්‍රෑම් 53 බර පංතිය යටතේ තරග වැඳුණාය.ඇයට මූලික වටයෙන් ඉදිරියට යාමේ අවස්ථාව අහුරමින් ජය ගත්තේ මෙක්සිකෝවේ ෂෙල්ට්ෂින් හර්නැන්ඩස් ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan