උතුරු දුම්රිය මාර්ගයේ ගමන් වේලාවන් වෙනස් වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): යාල්දේවී දුම්රිය සහ තවත් දුම්රිය කීපයක් ඇතුළු උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන අද (21) සිට සංශෝධනය කර තිබේ.

ඒ අනුව ආරම්භක ධාවන වේලාවන් වෙනස් ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසන අතර, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පස්වරු 01.40ට කන්කසන්තුරය සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවන වූ යාල්දේවි දුම්රිය අද සිට පෙරවරු 10.00ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිත බවයි.

මේ අතර, කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා සෙනසුරාදා දින පෙරවරු 05.20 ධාවනය වූ දුම්රියේ වේලාව පෙරවරු 05.30 ලෙස සංශෝධනය කර ඇති අතර, දෛනික ව පොල්ගහවෙල සිට මහව හංදිය දක්වා පෙරවරු 05.30ට ධාවන වූ දුම්රියේ වේලාව පෙරවරු 05.25 ලෙස සංශෝධනය කර ඇති බව සඳහන්ය.

තවද, දෛනික ව කුරුණෑගල සිට මහව හංදිය දක්වා පෙරවරු 08.55ට ධාවන වූ දුම්රියේ වෙලාව පෙරවරු 09.15 ලෙස සංශෝධනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...