රනිත්මාගේ ගමන නිමා වෙයි.

Date:

සිඩ්නි ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී රනිත්මා ලියනගේ පරාජය විය.එහිදී ඇය පරාජය වුණේ නවසීලන්ත ක්‍රීඩිකා සුවන්නා ලී ට ය.ඇය මේ වන විට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 200 වන ස්ථානයේ පසුවන අතර රනිත්මා සිටින්නේ 311 වන තැනයි.

විනාඩි 33 ක් පුරා ඇඳුණු රනික්මා සහ ලී අතර වූ තරගයේදී ලී ලකුණු 21 – 12 සහ 21 – 17 ක් ලෙස සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තාය.නමුත් රනිත්මා ජාත්‍යන්තර තරග අත්දැකීම් සමඟ ලී අභිබවා යා හැකි මට්ටමට ඉක්මණින් ළගා විය හැකි තවමත් 16 හැවිරිදි ක්‍රිඩිකාවකි.311 වන ස්ථානය බොහෝ විට මේ තරගයෙන් පසුව වෙනස් විය හැකි අතර ඇය මේ පරාජයට පැමිණියේ තරග 2 ක් ජයගෙන සුපිරි අට දෙනා අතර වටයට පිවිසි පසුවය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්තානයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ කරච්චි නුවර...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්...

Yoweri Museveni හත්වන වරටත් උගන්ඩාවේ ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක ජනවාරි 18 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Yoweri...