රනිල් හොරු රැක්කේ නැහැ.ඔහු රට සහ ජනතාවයි රැක්කේ – තලතා

Date:

කොළඹ LNW:රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුණේ හොරු රකින්න නොව රට සහ රටේ ජනතාව රැකීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

කඩා වැටුණු රට ගොඩගත් එතුමාට එරෙහිව හොරු රකින බවට පිරිසක් විසින් විශාල ජන මතයක් ගොඩනැගු බවයි ඇය කියා සිටියේ.

”රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා භාරගත්තේ කාටවත් කන්න බොන්න නැති වෙලාවක. සුපර් මාර්කට් එකට ගිහාම කඩවල්වලට ගිහාම කිරිපිටි පැකට් එක එකක් එක්කෙනෙකුට දෙන වෙලාවක. ගෑස් ටිකට තෙල් ටිකට මේ හැම එකකටම ප්‍රශ්නයක් තියෙන වෙලාවක. එතකොට එතුමාට කිව්වේ හොරු රකින්න ආව කියල. රනිල් වික්‍රමසිංහ මහත්තයා රට ගිනිගන්න වෙලාවක රටේ තත්ත්වය ස්ථාවර කරන්න ආර්ථිකය විතරක් වෙනුවෙන් යම් කටයුත්තක් කරන්න රට භාරගත්තේ කිසිම කෙනෙක් රටේ නැති වෙලාවක. හැබැයි එතුමා ඒ කාර්යභාරය කරලා සමහර දේවල් කරන්නේ නැද්ද කියල ඇහුවම මම වුණත් මම ඒ වෙලාවේ වෙනත් පක්ෂයක හිටියට එතුමා කිව්වේ මට ජන මතයක් නැහැ ඒවා කරන්න කියල. මාව පත්කළේ අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමන්ලා රටේ ආර්ථිකය වෙනස් කරන්න. කන්න තිබුණ නැති එක, ගෑස් තිබුණේ නැති එක, තෙල් තිබුණේ නැති එක, ලයිට් කපපු එක,පොහොර ටික නැති එක, මේ කඩා වැටුන ටික නැවත ගොඩගන්න එක තමයි එතුමාට තිබුණේ. එතුමා ඒ දේ කළා. කට්ටියකට අමතක වුණා රටේ ලොකු මතයක් හැදුවා එතුමා හොරු රකිනවා කියල. අපි දන්නේ නැහැ හොරු කොහෙද ඉන්නේ කියල. මමත් මේ රටේ හිටපු අධිකරණ ඇමතිනියක්. 2020 දිර අටේ ජනතාව කැමති මිනිස්සු පාර්ලිමේන්තුවට පත්කරලා ඇරියා. ඒ අයත් එක්ක තමයි රනිල් මහත්තයට ඉස්සරහට යන්න වුණේ. එතුමට ඒ සඳහා ජන මතයක් ලැබිල තිබුණේ නැහැ. ඉතින් හොරු රකින්න නෙවෙයි, රාජපක්ෂ මහත්වරු රකින්න නෙවෙයි රටේ ජනතාව රකින්න, රට රකින්න තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් වුණේ.” යනුවෙන් අතුකෝරළ මහත්මිය තවදුරටත් ප්‍රකාශ කළාය.

ඇය මෙම අදහස් පළකලේ අද (22) ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි නීතිය දීර්ඝ කිරීමට අවධානය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය...

සයිප්‍රසයේ පිහිටි RAF Akrotiri බ්‍රිතාන්‍ය යුද හමුදා මූලස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යය සිය ගුවන් කඳවුරු...

ඉරාන ප්‍රහාර හමුවේ ගල්ෆ් “ක්ෂේම භූමි” සුණු විසුණු වෙයිද ?

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග අර්බුදය බිඳ වැටුණු අනභිබවනීය...

රටේ තෙල් හිඟයක් නැහැ.අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න එපා – බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර...