*
Tuesday, October 22, 2024
spot_img

Latest Posts

ගම්මන්පිල කියපු වාර්තා නීත්‍යානුකූල නැහැ.රවීවයි ශානිවයි අපි ඉවත් කරන්නෙත් නැහැ – විජිත රජයේ මතය පැහැදිලි කරයි.

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් වර්තමානයේ රාජකාරී කරන තනතුරුවලින් කිසිම ආකාරයකින් ඉවත් කිරීමක් සිදු නොකරන බව කැබ්නට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අද (22) අවධාරණය කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී උක්ත නිලධාරීන් දෙදෙනා ඉලක්ක කරගෙන චෝදනා එල්ල කළ අතර ඔහුට අවශ්‍යව ඇත්තේ එම නිලධාරීන් තනතුරුවලින් ඉවත් කර ගැනීම බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ආරම්භයේ පටන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතීව විමර්ශන සිදුවුණේ එම නිලධාරීන් යටතේ බවද විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

“ඉතා පැහැදිලිවම මේ පරීක්ෂණ අපක්ෂපාතිව පවත්වාගෙන ගියේ එවකට CID හිටපු රවී සෙනෙවිරත්න මහතා සහ ශානි අබේසේකර මහතා ඇතුළු කණ්ඩායම. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණා පළමු දඩයම කළේ ශානි අබේසේකරව එතැනින් ඉවත් කළ එක. ඒක අපි දන්නවා. පරීක්ෂණවලට බාධා කළේ දේශපාලන අධිකාරිය. අපි එහෙම බාධා කරන්නේ නෑ. අපි පරීක්ෂණ කරගෙන යනවා. ඔය පරීක්ෂණ කරන්නේම ඔතැනින් මේක ගලවන්න. ගම්මන්පිල ප්‍රශ්න කරන එකේ වාර්තාවේ විවිධ අයගේ නම් තියෙනවා. ඒ අය ගැන ගම්මන්පිල ප්‍රශ්න කරන්නේ නෑ. ගම්මන්පිලට ඕනේ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නව මෙතැනින් ඉවත් කරන්න. අපි ඒක කරන්නේ. ඒ වුවමනාවට අපි යටවෙන්නේ නෑ”

මේ අතර උදය ගම්මන්පිල විසින් ප්‍රසිද්ධියට පත් කළ බව කියන වාර්තා කිසිවක් රහස්‍ය වාර්තා නොවන අතර එම වාර්තාවල ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් බවත් ජානාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ හෝ ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා යෝජනා කර නොමැති බවත් විජිත හේරත් මහතා කියා සිටියේය.

”මීට පෙර මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබ්බා.තීන්දු දුන්නා. හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව, නිලන්ත ජයවර්ධන ට විරුද්ධව, හිටපු පොලිස්පතිවරයාට විරුද්ධව තීන්දු දුන්නා. ඒ නඩුවේ ශානි අබේසේකර මහත්තයාගේ නම සඳහන් වෙලා තිබුණේ නෑ. ඒ නඩුවේ රවී සෙනෙවිරත්නගේ නම සඳහන් වුණා. හැබැයි නඩු තීන්දුවේ කිසිදු තැනක ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 7 දෙනෙකුගෙන් යුක්ත පූර්ණ විනිසුරු මණ්ඩලයක විභාග කළ නඩු වාර්තාවේ රවී සෙනෙවිරත්න මහත්මයා කිසිදු චෝදනාවකට වරදකරුවෙක් වුණේ නැහැ. ඒ තීන්දුවේ ඔහුගේ නමවත් සඳහන් වෙලා නෑ. ඉතින් එහෙම තියෙද්දී තමයි මේ හදිස්සියේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ කටයුතු ආරම්භ කරපු ගමන් සාගල රත්නායක රවී සෙනෙවිරත්නව මුණ ගැහිලා තමන්ගේ කටයුතු සඳහා සහාය දෙන්න මෙතැනින් ඉවත්වෙන්න කියලා ඉල්ලීමකුත් කරලා තියෙන තත්ත්වයක් යටතේ දැන් මේ කමිටුවක් පත්කරලා වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වාර්තාවේ තවත් අය පිළිබඳව සඳහන් කරලා තියෙනවා. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයා පිළිබඳවත් තවත් විවිධ අයත් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ගම්මන්පිලට ඒවා පෙන්නේ නෑ. ඒවා දකින්නේ නෑ. දැන් මේ මෙච්චර කාලයක් නිදාගෙන ඉඳලා. ඔහු ආණ්ඩුවේ අමාත්‍යධුර දැරුවා. විපක්ෂයේ හිටියා. ඒ මොකක්වත් නැතිව දැන් මේ වුවමනාව කාගේද කියලා පැහැදිලියිනෙ හරියටම ජන්ද ප්‍රචාරක කටයුතු ඉවරවෙන්නේ සැප්තැම්බර් 18, 17 තමයි මේ වාර්තාව ලබා දෙන්නේ. මේක නිකම්ම නිකම් කමිටු වාර්තාවක්.”

ඒ අනුව උදය ගම්මන්පිල මහතාගේ චෝදනාවලට පැහැදිලිව පිළිතුරු දෙමින් විජිත හේරත් මහතා පැවසුවේ එම කමිටුව දේශපාලන අවශ්‍යතා මත පිහිටවූ ඒවා බවයි. එම නිසා ගම්මන්පිල මහතා විසින් ප්‍රසිද්ධියට පත්කරන ලද වාර්තා රජය පිළිනොගන්නා බවද අමාත්‍යවරයා තවදුරටත් කියාසිටියේය.

“ජනක් ද සිල්වා කොමිසම් වාර්තාවේ කිසි තැනක රවී සෙනෙවිරත්න මහත්මයා ව වරදකරුවෙක් කරලා නෑ. එහෙම තියෙද්දී තමයි හිතා මතා මේ වගේ කමිටු වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ නිර්දේශ ඒ විදියටම අපි පිළිගන්නේ නෑ. රජයක් විදියට මේ දේශපාලන වුවමනාවට පත්කරපු විෂමාචාර චෝදනාවලට ලක්වෙච්ච හිටපු මහාධිකරණ විනිසුරුවරියක් විශ්‍රාම ගියාට පස්සේ සම්බන්ධකරගෙන පත්කරපු වික්‍රමසිංහගේ මේ දේශපාලන පළිගැනීමේ ඉලක්ක කරගෙන පිහිටවපු මේ කමිටුව අපි පිළිගන්නේ නෑ. ඒ නිසා අපි රජයක් විදියට ඉතා වගකීමෙන් යුක්තව මේ සියලුම වාර්තාවල තියෙන කරුණු සහිතව පූර්ණ විමර්ශනයක් සහිත නව පරීක්ෂණයක් පවත්වනවා. ඒ පරීක්ෂණයෙන් අපි මේ අසාධාරණයට ලක්වෙච්ච වින්දිතයින්ට සාධාරණය ඉටු කරන්නත් මේ රටේ නීතිය ස්ථාපිත කරන්න අවශ්‍ය පියවර ගන්නත් වගකීම් සහගතව කටයුතු කරනවා.මට කියන්න කණගාටුයි මම මේවා කියන්න හිටියේ නෑ. මේ විනිසුරුතුමිය ගැන මේවා අපි කියන්න හිටිය දේවල් නොවෙයි. නමුත් එතුමිය මේ වගේ මරාල කර ගහන්න හදනකොට තේරුම් ගන්න ඕනේ මේ අනුන්ගේ පව් කරගහන්න ගිහිල්ලා වෙන තත්ත්වය. ඉතින් මේ වගේ කමිටුවලින් දෙන වාර්තා අපි නම් කොහෙත්ම පිළිගන්නේ නෑ. ගම්මන්පිල මහත්තයා උස්සන්ගියාට අපිට කරන්න දෙයක් නෑ. අපි මේ පිළිබඳව අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් කරලා කවුරුහරි නිලධාරියෙක් ඒ වගකීම් පැහැර හැරලා තියෙනවා නම් අපිට ඒකෙ තරාතිරමක් නැහැ. ඒකෙ හංගන්න දෙයක් නැහැ අනිවාර්යෙන්ම ඕනෑම පුද්ගලයෙක් රජයේ නිලධාරියෙක් හෝ වෙනත් පුද්ගලයෙක් මෙතන වැරද්දක් කරලා තියෙනවා නම් එය සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයකින් අපි අනිවාර්යේන්ම නීතිය ක්‍රියාත්මක කරනවා. අපි ඒකට පැකිලෙන්නේ නෑ.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan