ගම්මන්පිල දේශපාල වාසියක් ගන්න රඟපෑවා.ඔහු ගැන තියෙන්නේ අනුකම්පාවක් – ගම්මන්පිලට කාදිනල් හිමි ප්‍රතිචාර දක්වයි!

Date:

කොළඹ LNW:උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා පවසන පරිදි කිසිම කමිටු වාර්තාවක් සැඟවීමට කතෝලික සභාවට අවශ්‍යතාවක් නොමැති අතර ඒවා සිය පාර්ශවය වෙත ලැබුණේ රහසිගත වාර්තා ලෙස දක්වමින් නිසා ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු නොකළ බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ අද (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී පැවසූහ.

එහි පළමු වාර්තාව ලැබුණේ පසුගිය සැප්තැම්බර් 18 වැනිදා වන අතර මෙතෙක් එම වාර්තාව රහසිගත නොවන බවට කිසිදු පාර්ශවයකින් නිල දැනුම් දීමක් කර නැතත් උදය ගම්මන්පිල මහතා රඟ දැක්වූ නාටකයෙන් පසු දැන් එහි රහස්‍යභාවයක් නොමැති හෙයින් ඒ ගැන කතා කිරීමට තීරණය කළ බවයි අගරදගුරු හිමිපාණන් වහන්සේ පැවසුවේ.

මේ අතර පාස්කු විමර්ශන ඊට යුක්තිය ඉටුවීම ගැන කතා බහ කරන්නේ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන නිලධාරීන් සමඟ නොවන අතර එම ඉල්ලීම කර ඇත්තේ ජනාධිපතිවරයා වෙතින් බවත් ඒ අනුව ස්වාධීන විමර්ශනයක් ආරම්භ කරන බවට ජනාධිපතිවරයා පොරොන්දුවක් දී ඇති බවද උන්වහන්සේ පැවසූහ.

ඒ අනුව විමර්ශනයක් සිදුවෙන බව දැනගන්නට ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

කෙසේවෙතත් යම් ප්‍රමාණයකට හෝ දැනට පිළිගත හැක්කේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව වන අතර දේශපාලන අතපෙවීම් මත සිදුකෙරුණා විමර්ශන පිළිනොගන්නා බවත් අගරදගුරු හිමිපාණන් වහන්සේ කියාසිටියහ.

උදය ගම්මන්පිල මහතා සිදුකළේ දේශපාලන වාසියක් ගැනීමට උත්සහ කිරීමක් වන හෙයින් ඔහු සම්බන්ධයෙන් ඇත්තේ අනුකම්පාවක් බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...