*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ ඉදිරි සටන් සීතල සහ වේගය හුරු බහුතරයක් සමඟ

මෙවර ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ දී ශ්‍රී ලංකාව අයත් කාණ්ඩයේ අනෙකුත් රටවල් සියල්ලම පාහේ සීතල දේශගුණ තත්ත්වය සමඟ ක්‍රීඩා කරන සහ පන්දු යැවීමේ දී වේග පන්දුව මුල් කර ගත් කණ්ඩායම් බව දැක් ගන්නට ඇත.ශ්‍රී ලංකාව හැරෙන්ට එහි සිටින අනෙක් ආසියාතික කණ්ඩායම වන්නේ ඇෆ්ගනිස්ථානය පමණි.ඇෆ්ගනිස්ථානය ගත් විට එහි දකුණු සහ නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ, ගිම්හාන උෂ්ණත්වය 50⁰C දක්වා ඉහළ යා හැකි නමුත්, ශීත ඍතුවේ දී 20⁰C පමණ පවතී. කඳුකර ප්‍රදේශවල ශීත උෂ්ණත්වය -25⁰C දක්වා අඩු විය හැක.ඒ ආකාරයෙන් ගත් විට ශ්‍රී ලංකාව දේශගුණික වශයෙන් මේ සීතලට නුහුරුම කණ්ඩායම වන අතර රටේ ඇති ශිතල පාරිසරක තත්ත්වයෙන් ක්‍රීඩාවට ප්‍රයෝජනයක් නොගන්නා රට ද වෙයි.මෙය ක්‍රීඩකයන්ට සහ ක්‍රිකට් පරිපාලනයට පමණක් නොව සියලු ක්‍රීඩාවලට අදාළ වන ප්‍රතිපත්තිමය වශයෙන් සැළකිල්ලට ගත යුතු තත්ත්වයකි.

තරගාවලිය පැවත්වෙන දේශගුණික තත්ත්වය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය ගැටළු මතු කළ හැකි තත්ත්වයක් බව පුහුණුකරුවාද සැක පහළ කරන තත්ත්වයක සුපිරි 12 වටයේදී ශ්‍රී ලංකාවට කිලෝ මීටර් දහස් ගණනක ගුවන් ගමන්ද ඔස්ට්‍රේලියාව තුළ සිඳු කරන්නට වනු ඇත.මේ කිසිවක් ශ්‍රී ලංකාවට පමණක් විඳින්නට සිඳුවන ඒ්වා නොවේය.ඒසේම ශ්‍රී ලංකාව අමාරුවේ දැමීමට ඒ වෙනුවෙන් සැළසුම් කළ ඒවාද නොවේය.තරගාවලියේ ස්වභාවය වන්නේය.ජාත්‍යන්තර ක්‍රිකට් ජය ගැනීමේදී මුහණ දෙන්න වන අභියෝගයන් හී තරමය.

ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබා ගැනීමේ වටයට වඩා විශේෂ අභියෝග සුපිරි වටයේදී හමුවනු ඇත.නමුත් ඒවා කුඩා දේ බවට පත් කර ගැනීමට අප සමත්විය යුතුය.තනි ක්‍රීඩකයන් මත තීරණය නොවන කණ්ඩායමක් හැටියට මෑථ ඉතිහාසයේ ශ්‍රි ලංකා කණ්ඩායම පෙන් වූ සුවිශේෂී ගුණය සුපිරි 12 වටයේදි ආරක්ෂා කර ගැනීම වැදගත්ය.ශතකයකට වඩා ලකුණු වේගය ද සහිතව පිතිකරුවන් හර පස් දෙනෙක් එකම ඉණිමේ ලකුණු තිහකට වඩා වාර්තා කළ ද,එහි අවසානයේ විශාල ලකුණු පූවරුවකි.කඩුලු හතර පහ එක් අයෙක් ලබා නොගත්තද සියල්ලන්ම නිලකුණු පන්දු වැඩි ප්‍රමාණයක් යවමින් කඩුලු එක දෙක බැඟින් දවා ගත්ත ද ප්‍රතිවාදියා පීඩනයට ලක් වන්නේය.පන්දු රැකීම බලවත්ම අවියය.අනවශ්‍ය්‍ය එකඳු ලකුණක් හෝ ලබා නොදීමත්,අාසන්න දැවීයාම් දැවීයාම් කර ගැනීමට හැකි විශිෂ්ඨ පන්දු රැකීමත් ජයග්‍රහණයට ආභරණයක් වනු ඇත.

ඔක්තෝම්බර් 23 වන ඉරිදා සිට ශ්‍රී ලංකාව මුහුණ දෙන තරග ආරම්භ වන අතර සෑම තරගයක්ම පහසු නැත.සූරයන්ට කළ නොහැකි අපහසු දේ තිබිය නොහැකිය.අපි විශ්වාසයෙන් බලා සිටිමු.සුබ පතමු.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan