දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/22

Date:

1. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 173 කින් සම්මත වෙයි – පක්ෂව ඡන්ද 174ක් – විපක්ෂව ඡන්දය භාවිතා කර ඇත්තේ සරත් වීරසේකර මන්ත්‍රීවරයා පමණි.

2. රුසියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය සම්බන්ධයෙන් රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය සිදුකළ ප්‍රකාශයට පරස්පර විරෝධී ප්‍රකාශයක් රුසියානු රජය සිදුකරයි – ඉන්ධන සහ ගල් අඟුරු ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට “රජයකින් රජයකට (G2G)” ලබා දෙන ආකාරයේ ණයක් ලබා නොදෙන බව පවසයි – නමුත් වාණිජ ණය මාර්ගයකට පහසුකම් සපයන බව පවසයි – රුසියානු MIR ගෙවීමේ ක්‍රමය පිළිගැනීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරයි.

3. මැයි 9 වැනි දින හටගත් කැළඹීම් හමුවේ “අරගලයට” සම්බන්ධ යැයි කියන මැර පිරිසක් විසින් ඝාතනය කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ පවුලට රු. මිලියන 10 ක වන්දියක් ලබාදීමට කැබිනට් අනුමැතිය!

4. කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් යටතේ “පූර්ව ක්‍රියාමාර්ග” කල් ඇතිව සම්පූර්ණ කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි නිලධාරීන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පිළිගනී – එහි දී මතුකළ ප්‍රධාන අවශ්‍යතාවයක් වූයේ චීනය සහ ඉන්දියාව ඇතුළු ද්විපාර්ශ්වික ණයහිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතිකය ලබා ගැනීම බව අනාවරණය කරයි.

5. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පතා දැන් මාස 7ක් ගතවී ඇති මුත් තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් ද්විපාර්ශ්වික ණය දෙන්නකුගෙන් එක් ඩොලරයක් වත් ලැබී නොමැති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි – තමා අධිපතිවරයා ලෙස කටයුතු කළ මාස 6-1/2 ක කාලය තුළ ඇ.ඩො. බිලියන 04ක් රැස් කළ බව අවධාරණය කරයි – තම ධුරකාලය තුළ කල් පිරෙන සෑම ණයක්ම රජය විසින් පියවූ බව සිහිපත් කරයි.

6. ශ්‍රී ලංකා රුපියල යලිත් වරක් ක්‍රමානුකූලව අවප්‍රමාණය වීමේ මාවතක – මුදල් මණ්ඩලය විසින් ඉකුත් මැයි 12 වැනි දින නියම කළ පරාසයක් තුළ එය “ස්ථාවර” කළ ද අවප්‍රමාණය වීම දිගටම සිදුවෙයි – සැප්තැම්බර් 30 දින ඇමෙරිකානු ඩොලරයක් සඳහා විකුණුම් මිල රු. 369.91 ක්; ඔක්තෝබර් 21 දින රු. 371.24 ක්; රු. 1.33 ක අවප්‍රමාණයක්.

7. ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියයට 73.7 ක් වූ සර්වකාලීන වසරින්-වසර (Y-o-Y) ඉහළම අගයක් සනිටුහන් කරයි – ආහාර උද්ධමනය සියයට 85.8 කි.

8. ලකුණු 8,685 ක අගයක් ගනිමින් සියලුම කොටස් මිල දර්ශකය සියයට 0.59 කින් පහත වැටෙයි – ගතවු මාසය තුළ මේ දක්වා සියයට 12.5ක පහත වැටීමක් – ගතවූ වසර තුළ මේ දක්වා සියයට 28.9ක පහත වැටීමක් – පසුගිය වසරේ, කොළඹ කොටස් වෙළෙඳපොල සියයට 80 ක ප්‍රතිලාභයක් සහිත ලොව හොඳම කොටස් වෙලඳපොලවලින් එකකි.

9. ගුවන් තොටුපළ සහ ගුවන් සේවා වෙතින් ඇ.ඩො. මිලියන 2.5 ක් ලබා ගනිමින් කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බව ගුවන් කටයුතු පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කරයි – අප්‍රේල් 12 ණය පැහැර හැරීම හේතුවෙන් ව්‍යාපෘතිය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) අරමුදල් ලබා දීම නතර කර ඇත.

10. මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස් පිරිමි නිලධාරීන් 8,312ක් සහ පොලිස් කාන්තා නිලධාරීන් 1,105ක් ඇතුළු තම සේවා කාලය අවසන් කළ සැරයන් සහ කොස්තාපල්වරුන් පිරිසකට උසස් වීම් ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...