නොරොච්චෝල, කල්පිටිය කෘෂි කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජ‍යේ තීරණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නොරොච්චෝලේ සහ කල්පිටිය ප්‍රදේශය කෘෂිකාර්මික කලාපයක් ලෙස නම් කිරීම සඳහා එම ප්‍රදේශයේ ගොවීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

අපේ රටට අවශ්‍ය එළවළු සහ පලතුරු නොරොච්චෝලේ සහ කල්පිටිය ප්‍රදේශවල විශාල වශයෙන් වගා කරනවා. පහතරට එළවළු මෙන්ම උඩරට එළවලු, අර්තාපල් ද මෙම ප්‍රදේශවල වගා කෙරෙනවා.” යැයි ප්‍රකාශ කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත නිවේදනයක් නිකුත් කරමින් ගොවීන් යෝජනා කර ඇත.

රටේ අනෙකුත් ප්‍රදේශවල වී වගා කරන ගොවීන්ට රජයෙන් ලබාදෙන සහන තමන්ට නොලැබෙන බවද එම ප්‍රදේශයේ ගොවීහු පවසති.

ඔවුන්ගේ යෝජනාව සලකිල්ලට ගෙන එම ප්‍රදේශය කෘෂි කලාපයක් ලෙස නම් කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

අතීතයේදී, කල්පිටිය ප්‍රදේශය කරවල නිෂ්පාදනයට ප්‍රසිද්ධියට පත් වූ අතර , අද වන විට මෙම ප්‍රදේශය වැලි පස සහ ශුෂ්ක දේශගුණික තත්ත්වයන් තිබියදීත්, පලතුරු සහ එළවළු නිෂ්පාදනය සඳහා වඩාත් ප්‍රසිද්ධ වී ඇත.

මෙම ඇදහිය නොහැකි වෙනසට හේතු වී ඇත්තේ කලක් ශුෂ්ක ප්‍රදේශය සශ්‍රීක පලතුරු වත්තක් බවට පත් කළ ගොවි ප්‍රජාවගේ නොපසුබට උත්සාහය නිසාය. මාම්පුරියේ සිට ඊතලෙයි, නොරොච්චෝලේ, කල්කුඩා, සේනපොල හරහා තලවිල දක්වා විහිදෙන ප්‍රදේශයේ පවුල් 8,000ක් පමණ ජීවත් වෙති. අද වන විට හෙක්ටයාර 2500ක ප්‍රමාණයක් එළවළු වගාවෙන් වැසී ඇති අතර තවත් හෙක්ටයාර 300ක විවිධ පලතුරු වර්ග වගා කර ඇත.

ගොවීන් පවසන පරිදි ප්‍රදේශයේ කෘෂිකාර්මික සංවර්ධනය හේතුවෙන් රැකියා අවස්ථා 30,000 ක් පමණ නිර්මාණය වී ඇති බවය. නොරොච්චෝලේ පිහිටි ආර්ථික මධ්‍යස්ථානය ගොවීන්ට ආශිර්වාදයක් වී ඇත්තේ එම මධ්‍යස්ථානයේ නිෂ්පාදන බැහැර කිරීමට හැකිවීම නිසාය. දිවයින පුරා සිටින ගැනුම්කරුවන් මෙම මධ්‍යස්ථානයට අනුග්‍රහය දක්වන අතර දිනකට එළවළු ටොන් 100ක් පමණ වෙළඳාම් කෙරෙන බව පැවසේ.

කෙසේ වෙතත් ගොවීන් මැසිවිලි නඟන්නේ කොතරම් උත්සාහ කළත් රජයෙන් කිසිදු ආධාරයක් නොලැබෙන බවයි.

මෙම කලාපයේ රසායනික පොහොර සහ කෘමිනාශක බහුලව භාවිතා වන බැවින් පාංශු පරීක්ෂණයක් සිදු කරන ලෙසත්, අවම රසායනික පොහොර සහ ජලය භාවිතා කරන වගා ක්‍රම පිළිබඳව නිලධාරීන් ගොවීන් දැනුවත් කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකටම ආවේණික කාලගුණික තත්ත්වයන් ඇති අතර, වැඩි වශයෙන් වියළි සහ අර්ධ ශුෂ්ක දේශගුණික කලාප ඇත.

මධ්‍යම කදුකරයේ, යාපනයේ සහ කල්පිටියේ පාංශු තත්ත්වය අනෙකුත් ප්‍රදේශවලට වඩා වෙනස් බැවින් , එම ප්‍රදේශවල වගා කළ හැකි, ඉහළ ඉල්ලුමක් ඇති සුදුසු භෝග පමණක් වගා කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව අමාත්‍යවරයා එම නිවේදනයේ සඳහන් කර ඇත.

කල්පිටියේ ගොවීන්ට වගාවට අවශ්‍ය මිශ්‍ර පොහොර අවම මිලට ලබාදීමට ලංකා පොහොර සමාගම සහ සීමාසහිත Colombo Commercial Fertilizers සමාගම එකඟ වී ඇති බවද සඳහන් වේ..

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...