*
Monday, May 20, 2024
spot_img

Latest Posts

මැණික් කර්මාන්තය නගා සිටුවීමට පියවර!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් පවත්වනු ලැබූ 21 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී එම ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහා කර්මාන්තය අතර සහයෝගීතාව සහ නැවත නැඟී එන අපනයන ආර්ථික වර්ධනය පිළිබඳ අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාව 2023 වසරේ මේ දක්වා මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 315ක ආදායමක් උපයා ඇති අතර එය සියයට 34ක වර්ධනක් පෙන්නුම් කරයි.

පසුගිය වසරේ මැණික් අපනයනය තුළින් අපි ඩොලර් මිලියන 230ක සැලකිය යුතු ආදායමක් ලබා ගත්තා. 2023 වර්ෂයේදී අපගේ මැණික් හා ස්වර්ණාභරණ අපනයනය මගින් මිලියන 315 ක සැලකිය යුතු ආදායමක් උපයා ගැනීමට හැකිවීම විශේෂත්වයක්” යනුවෙන් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය පවසයි.

විදේශ විනිමය ගලා ඒම සහතික කිරීම සඳහා අපනයනය කරන සෑම මැණික් වර්ගයක්ම ඉතා සූක්ෂම ලෙස තක්සේරු කරන අතර, අතීතයේ දී ශ්‍රී ලංකාවේ මැණික් විදේශයන්හි වෙන්දේසි කර රටට ලැබිය යුතු මුදලක් කොල්ලකා ඇති බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අපනයන ආදායමේ කැපී පෙනෙන සියයට 34 ක වර්ධනයක් ඇති බව මහ බැංකු වාර්තා සනාථ කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශයේ දසනායක මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, අපනයනකරුවන් සඳහා විවෘත සන්නිවේදන මාර්ග ඔස්සේ සෑම විටම ප්‍රවේශ විය හැකි පරිදි , අපනයනකරුවන්ගේ අභියෝග විසඳීමට ද පියවර ගෙන ඇති බවයි.

SLGJA සභාපති Ajward Deen මහතා මහා සභා රැස්වීම අමතමින් ප්‍රකාශ කළේ , කර්මාන්තය නඟා සිටුවීමේ සහ වැඩිදියුණු කිරීමේ අරමුණින් උපාය මාර්ගික මුලපිරීම් මාලාවක් ක්‍රියාවට නැංවීම සඳහා සංගමය සැලකිය යුතු ප්‍රයත්නයන් දරා ඇති බවයි.

නීතිරීති වලට අනුව පතල් කැණීමේ ප්‍රමිතීන්ට ස්ථිරව අනුගත වෙමින්, මැණික් නිෂ්පාදනය ඉහළ නැංවීමට සහ තිරසාර හා වගකීමෙන් යුතුව නව පතල් ගවේෂණය කිරීමට පතල්කරුවන් සවිබල ගැන්වීම සංගමයේ අරමුණ වී ඇත.

කර්මාන්තයේ අඛණ්ඩ ශක්තිමත් වර්ධනය සහතික කිරීමේ පරමාර්ථය ඇතිව ඉදිරි වසර තුළ සැලකිය යුතු ප්‍රගතියක් ඇති කිරීමට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය සිය ප්‍රයත්නයන් අඛණ්ඩව කරගෙන යන බව තවදුරටත් තහවුරු කළ අතර, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකා රජය විසින් පිළිගත් ප්‍රමුඛතම අධිකාරිය ලෙස, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය,මෙම කර්මාන්තයේ සෑම අංශයකම සාමූහික නායකයා පෙනී සිටී.

පතල්කරුවන්, නිෂ්පාදකයින්, තොග වෙළෙන්දන්, සිල්ලර වෙළෙන්දන්, අපනයනකරුවන්ගේ සිට ලැපිඩාරිස්ට් දක්වා සහ ඉන් ඔබ්බට, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය සමස්ත වෙළඳාමේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වෙනුවෙන් වෙහෙස නොබලා පෙනී සිටීමට කැපවී සිටීන බවද දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan