බ්‍රික්ස් සංවිධානයේ අනාගතය ගැන චීන ජනපතිගෙන් ප්‍රකාශයක්!

Date:

කොළඹ LNW:පුළුල් බ්‍රික්ස් සහයෝගීතාවේ උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු බ්‍රික්ස් රටවල් සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසනවා.

අද(23) පෙරවරු‍වේ රුසියාවේ Kazan නගරයේ පැවති 16 වන බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

පොදු ආරක්ෂාව සහතික කිරීම සඳහා ‘සාමකාමී බ්‍රික්ස් යාන්ත්‍රණයක්’ ගොඩනැංවිය යුතු බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළා. එමෙන්ම නවෝත්පාදනය, හරිත, සාධාරණ මෙන්ම මානුෂීයභාවය සහිත බ්‍රික්ස් යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ද එහිදී පෙන්වා දුන්නා .

එසේ ම, නව සංවර්ධන බැංකුව වඩාත් විධිමත් අයුරින් පවත්වා ගෙන යා යුතු බවත්, ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය මගින් ලෝක ආර්ථික ප්‍රවණතා වඩාත් හොඳින් පිළිබිඹු විය යුතු බවත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බවයි චීන මාධ්‍ය සමූහය වාර්තා කළේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...