*
Thursday, October 24, 2024
spot_img

Latest Posts

එක්දින තරගාවලියෙනුත් කොදෙව්වන්ට පරාජය

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 24,(LNW) කොළඹ :

දඹුල්ල තරමට හිතකර කාලගුණ තත්ත්වයක් පල්ලෙකැලේදී හමු නොවුණ ද,නියමිත පන්දු වාර ප්‍රමාණය අඩු කර හෝ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ පළමු තරග දෙක හමාර කර ගන්නට ලැබිණි.එයට වර්ෂාවේ ආශිර්වාදය මෙන්ම ක්‍රීඩා පිටිය කළමණාකරණයේදීත්,එය ඉදිකිරීමේදී ජලය ඉවත්වීම සඳහා සකස් කර තිබෙන පහසුකම්වල පලදායීතාවයද බල පෑ බව අමතක කළ නොහැකිය.ඒ සියලු පහසුකම්වල ප්‍රතිපලය ශ්‍රී ලංකාවේ තරගාවලි ජයක් බවට පත් කරගත් චරිත් අසලංක ඇතුළු සමූහය දෙවන එක්දින තරගයෙන් කඩුලු 5 ක් ජයක් ගනිමින් තරගාවලියේ ප්‍රතිපලය 2-0 ක ජයග්‍රහණයක් බවට පත් කර ගන්නට සමත් වූයේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ය.


ඒ නිසා දෙවන එක්දින තරගය පන්දු වාර 44 ක තරගයක් ලෙස පවත්වන්නට අවශ්‍යය පහසුකම් සැකසිණ.එවැනි තත්ත්වයක වැදගත් වන කාසියේ වාසිය ද චරිත් අසලංකගේ පැත්තට පෙරළිණ.ඒ අනුව ලද ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දිමට පැමිණ කොදෙව් පිතිකරුවන්ට සිතා ගන්නට නොහැකි අභියෝගයක් වූ මහේෂ් තික්ෂණ, ලකුණු ගන්නට උත්සාහ කළොත් දැවී යන්නට වේ ය යන තර්ජනය සහිත පන්දු යැවීමක නිරත විය.
තීක්ෂණගේ පෙරමුණ ගැනීමත් සමඟ අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් ද,හසරංග කඩුලු 4 ක් ද ලෙස කොදෙව් ඉණිම විනාශ කළත් කොදෙව් නවවන ඉණිම වෙනුවෙන් ෂර්ෆෙන් රද්ර්ෆර්ඩ් (80) සහ ගුඩාකේෂ් මෝර්ටි (නොදැවී 50) නවවන කඩුල්ලට ඇති කළ ලකුණු 119 ක සබඳතාවය විස්මිත මෙන්ම විශිෂ්ඨ එකක් විය.ඒ අතරින් රදර්ෆර්ඩ් අංක 5 පිතිකරුවා ලෙස සිය පිතිකරු නාම ලේඛණයේ දැවන්තයන් පැමිණි විගස නැවත හැරී යන තත්ත්වයක අංක 10 පිතිකරු වූ මෝර්ටි ද කළමණාකරනය කර ගනිමින් ගොඩ නැඟූ සබඳතාවය වටිනා එකක් විය.මෝර්ට් මේ සංචාරය පුරාම තමන්ගේ පිතිකරු ස්ථානය ගැන කොදෙව් කණ්ඩායම් කළමණාකාරීත්වයට නැවත සිතිය යුතු බවට දුන් පණිවිඩය මේ තරගයේදි යළිත් වරක් පැහැදිළි කළේය.


ශ්‍රී ලංකාව ලකුණු 189 ට කොදෙව්වන් සීමා කර ගත්තද,එය හඹා යාම පහසු නොවන බවට නැවත පන්දුවෙන් ද අනතුරු ඇඟවීමට මොර්ටි ඉදිරිපත් විය.ඔහු පන්දු වාර නවය නිලකුණු පන්දු ඕවර් 2 ක් ද සමඟ ලකුණු 18 ට සීමා කර ගනිමින් තික්ෂණ මෙන්ම තමන්ට ද තර්ජනය කළ හැකි බව පැහැදිළි කළේය.ශ්‍රී ලංකා පිතිකරුවන් මේ අනතුර දුර දැක ඔහුට සාවදානව මුහුණ දෙමින් ශ්‍රී ලංකා ඉණිම ඉදිරියට ගෙන ගිය අතර ඒ නිසා මෝර්ටි ට හිමි වූයේ ඔහු යොමු කළ විශ්මිත දඟ කැවීමකට ගොඳුරු වු කුසල් මෙණ්ඩිස්ගේ කඩුල්ල පමණි.
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ හොඳ සාමාන්‍යයක් පවතින චරිත් අසලංක ඒ ගුණය යළිත් විදහා පෙන්නමින් පන්දු 61 දී ලකුණු 62 ක් නොදැවී ලබා ගන්නට සමත් විය.පීඩනය දැනෙමින් තිබුණු අවිනිශ්චිත මොහොතක අසලංක පිත්ත හැසිර වූ නිදහස් ආකාරය සහ විශ්වසනීයත්වය තරගය ගැන බලාපොරොත්තු තබා සිටි කොදෙව් කණ්ඩායම වෙත පිඩනය හරවා යැවීමක් විය.

නිශාන් මධුශ්ක සහ සදීර සමරවික්‍රම ලකුණු 38 බැඟීන් ගෙන ශ්‍රී ලංකා ඉණිම ඉදරියට ගන්නට දී තිබුණු සහය තව දුරටත් පෙරට රැඟෙන යන්නට අසලංක ට සහය වෙමින් පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක සබඳතාවයක් එකතු කරන්නට ජනිත් ලියනගේ (24) දුන් සහයද අගය කළ යුතුය.ශ්‍රී ලංකා ඉණිමේ හොඳම සබදතාවය පැවත්වූවේ සදීර සහ නිශාන් මධුශ්කය.ඔවුන් දෙනො තෙවන කඩුල්ලට ලකුණු 62 සබඳතාවයක් එකතු කළේ ලකුණු 25 ට කඩුලු 2 ක් දැවී පන්දු ඕවර් 8.2 ක් ගෙවී තිබෙන මොහොතක පිටියේ එකතු වෙමින්ය.


ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයට ලකුණු 62 ක විශිෂ්ඨ දායකත්වයක් අසලංක ලබා දුන්නද,කොදෙව් පිතිකරණ ආරම්භයේ ශක්තිය මොට කරමින් තර්ජණාත්මක පන්දු යැවීමකින් ලකුණු 25 ට කඩුලු 3 ක් දවා ගත් මහේෂ් තීක්ෂණ තරගයේ විරයා විය.සමස්ත තරගයේ ලකුණු විස්තරය පහතින් දැක්වෙන්නේය.
https://es.pn/4eXA2aI

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan