රු.20,000ක අල්ලසක් ඉල්ලූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ගම්පොළදී අත්අඩංගුවට!

Date:

කොළඹ LNW: ගම්පොළ ප්‍රදේශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් 20,000.00ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.

ගම්පොළ, ඉල්ලවතුර ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවඑම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර ඊයේ (23) ප.ව.5.25ට පමණ ගම්පොළ නගරය ආසන්නයේ නුවරඑළිය පාර පිහිටි ආපන ශාලාවක් තුළ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...