*
Friday, October 25, 2024
spot_img

Latest Posts

කඩාකප්පල් ක්‍රියාවක් ගැන හෝඩුවාවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24,කොළඹ (LNW):

ආරුගම්බේ සංචාරක කලාපයේ යම් කඩාකප්පල් ක්‍රියාවක් සිදුකිරීමට සැලසුම් කළ බවට සැකකෙරෙන පුද්ගලයින් තුන් දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, වත්මන් ආණ්ඩුව යටතේ ලැබී තිබුණු බුද්ධි තොරතුරු පිළිබඳ අවස්ථා කිහිපයකදී ආරක්ෂක මණ්ඩලය රැස්වී ගත යුතු පියවර සම්බන්ධව තීරණ ගත් බව අමාත්‍ය විජිත හේරත් මහතා අද ( 24 ) දින අවධාරණය කළේය.

ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී තිබුණු අතර, ඒ සම්බන්ධව කඩිනමින් මැදිහත් වී විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

ඒ අනුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කවුන්සිලය රැස්ව වහා ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂක වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන අතර, එසේ ලැබී තිබුණ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත් මහතා කරුණු අනාවරණය කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනා සම්බන්ධව ද අමාත්‍යවරයා අදහස් පළ කර ඇත . එමෙන්ම සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම මේ වන විට ගෙන ඇති බව එම මාධ්‍ය හමුවේදී විජිත හේරත් අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර මෙරටට සංචාරකයන් වශයෙන් හෝ වෙනත් අවශ්‍යතාවන් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයෙකුට පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ සදහා දැනුම් දීමට දුරකතන අංකයක් හදුන්වා දී ඇත. මේ අනුව 071 8592651 යන දුරකතන අංකය ඔස්සේ සංචාරක හා නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජේශ්‍රී මහතා  ඇමතිය හැකි බව පොලිස් නාවික කොට්ඨාසය නිවේදනය කළේය.

එළඹෙන සංචාරක සමයේදී මෙරට සංචාරය කරන ලෙස ලොව පුරා සිටින සංචාරකයන්ට ආරාධනය කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවසයි. සියලුම සංචාරකයින්ට ආරක්ෂාකාරීව මෙරටට සුන්දරත්නවය විදගැනීමට අවශ්‍ය පසුබිම පවතින බව ද එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම සියලුම සංචාරකයන්ට මෙරට රැදී සිටින කාලසීමාවත තුළ උපරිම ආරක්ෂාවක් ලබා දීමට ද උපරිම ක්‍රියාමාර්ග ගෙන තිබෙන අතර, අරුගම්බේ ඇතුළු සංචාරකයන් බහුල ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන තර කර ඇති බවට වාර්තා වේ.එබැවින්, මේ වන විට දක්නට ලැබෙන්නේ, ප්‍රදේශයේ සංචාරක කටයුතු නිසි පරිදි සිදු වන ආකාරයයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan