ඉෂාරා ඉන්දියාවට පලාගිය බෝට්ටුව සහ පැදගිය පුද්ගලයාත් සොයා ගනී!

Date:

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ ගණේමුල්ල සංජීවට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම බෝට්ටුවද යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති අතර එම බෝට්ටුව ඉෂාරාට ඉන්දියාවට පලායාමට මඟ සැලසූ බව කියන ඒ. ආනන්දන් නමැත්තාට අයත් අශ්වබල 400ක එන්ජිමකින් යුක්ත බෝට්ටුවක් බවට අනාවරණය වී ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් ආනන්දන් නමැත්තාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අදාළ සැකකරු සහ මෙම බෝට්ටුව සොයාගැනීමට හැකිවී ඇති බව සඳහන්.

මේ අතර බැකෝ සමන්ට අයත් සුඛෝපභෝගී බස් රථ දෙකක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සොයා ගෙන තිබේ.

රු. කෝටි 08කට අධික වටිනාකමකින් යුත් එම බස් රථ දෙකෙන් එකක් මොණරාගල – කොළඹ මාර්ගයේ මගී ප්‍රවාහය සඳහා යොදවා තිබී ඇති අතර එය රු. කෝටි 2.5ක් පමණ වටිනාකමින් යුත් බව සඳහන්.

අනෙක් බස් රථය කටුනායක පිහිටි විදේශිකයින්ට ප්‍රවාහන පහසුකම් සපයන ආයතනයකට ලබාදී ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටි 5කට අධික බව කියවෙයි.

මෙම බස් රථ මිලදී ගෙන ඇත්තේ වෙනත් අයගේ නම් වලට වන අතර එක් බස් රථයක් බැකෝ සම්බා අත්අඩංගුවට ගැනීමට සති දෙකකට පමණ පෙර මිලදී ගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...