දශක ගණනාවකට පසු සියලු මූල්‍ය ඉලක්ක අභිබවා යන වසරක්!

Date:

කොළඹ LNW:දශක ගණනාවකට පසුව පළමු වතාවට සියළු මූල්‍ය ඉලක්ක අභිබවා යනු ඇතැයි මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

රජයේ මූල්‍ය කාර්ය සාධනය, අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ගොස් ඇති බවයි මහබැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.

රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇති අතර රාජ්‍ය වියදම් පහත වැටී තිබෙන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අයවැය පරතරය අඩු අගයක් ගෙන ඇති බවයි ඔහු පවසනේ.

ඒ අනුව රාජ්‍ය ආදායම, අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතනයෙන් 15.3% ක් විය යුතු බවට වූ ඉලක්කය මෙවර ඉක්මවා යනු ඇති බව හෙතෙම පුරෝකථනය කරයි.

ඊට අමතරව ප්‍රාථමික අතිරික්තය, ලබා දී තිබෙන ඉලක්කය වන 2.3% සීමාව ඉක්මවා යනු ඇති බවත් ලබන වසර වන විට උද්ධමනය 5% සීමාව කරා එනු ඇති බවත් හෙතෙම සදහන් කරයි.

“2022 සහ 2023 යන වසර වල සිදු වූ හැකිලීමෙන් පසුව ආර්ථිකය දැන් 5% ක පමණ වර්ධනයක් පෙන්නුම් කරන අතර ලබන වසරේ දී ද ආර්ථික වර්ධනය 4% ත් 5% ත් අතර අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...