ඉලෙක්ට්‍රික් වාහන ගනුදෙනුව විනිවිඳයි – කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ සම්පූර්ණ විනිවිඳභාවයකින් යුතුව ක්‍රියාත්මක කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සැකසූ එම වැඩපිළිවෙළ යටතේ ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර 318ක් නිකුත් කර ඇති අතර, ඒ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 38ක මුදලක් මෙරටට ලැබී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වා දෙයි.

අදාළ නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ, එහිදී කිසියම් වංචාවක් සිදුව ඇත්තම් විමර්ශනයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන අතර පටු දේශපාලන අරමුණුවලට මෙම පියවර ආපසු හැරවිය නොහැකි බවයි.

තීරුබදු සහන සහිත ඉලෙක්ට්‍රික් වාහන ආනයනයට දී තිබු බලපත්‍ර 119ක් අවභාවිතා කරමින් වාහන ආනයනය කර ඇති බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී පසුගියදා අනාවරණය වූ අතර , අදාළ වාහනවලින් 75%ක් එක් සමාගමක් මඟින් මෙරටට ගෙන්වා ඇති බව වාර්තා වී ඇත. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ , අදාළ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බවය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු...

Trendy Thursday: “The Devil Wears Prada 2” හි විලාසිතා ගොන්නක්!

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

අසත්‍ය කරුණු නිවැරදි කිරීමට මෙම උත්සාහය දරමු.

ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරශාස්ත්‍රපති මහින්ද ද ලැනරෝල් ආනන්ද මහා විද්‍යාලයයට සම්බන්ධ...

තදින් පහර දෙන හැටි බලන්න ඈෂ්ලිත් පැමිණෙයි.

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ...