මත්පැන් බලපත්‍ර අලුත් කිරීමට පෙර කළ යුතු දේ!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24,කොළඹ (LNW):

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත .

ඒ මත්පැන් බලපත්‍ර අලුත් කිරීම සඳහා බදු නිෂ්කාශන සහතික ලබා ගැනීමේදී අදාළ බලපත්‍රලාභියා විසින් අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර සියලු හිඟ බදු නිරවුල් කිරීමට අවශ්‍ය පියවර ගතයුතු බව පවසමිනි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, යම් කාල පරිච්ඡේදයකට අදාළව ගෙවිය යුතු බද්දක් නොමැතිනම්, එයට හේතු ද අයැදුම්පතෙහි සඳහන් කළ යුතු බවත්, මත්පැන් බලපත්‍ර අලුත් කිරීම සඳහා බදු නිශ්කාෂණ සහතික ලබා ගැනීමේදී 2023/24 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාව භාරදී එම වාර්තාව අනුව බද්ද ගෙවා තිබිය යුතු බවයි .

තවද, 2024/25 තක්සේරු වර්ෂයේ පළමුවැනි හා දෙවැනි කාර්තු සදහා ස්වයං තක්සේරු මත කරනු ලබන ගෙවීම් කර තිබිය යුතු බවයි.

ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මස 30 වැනිදායින් අවසන් වන කාර්තුව දක්වා වන කාර්තු සඳහා වාර්තා භාරදී එම වාර්තා අනුව එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවා බදු නිශ්කාෂණ සහතිකය ලබා ගන්නා දිනය වනවිට පියවිය යුතු මාසික ගෙවීම් ගෙවා අවසන් කර තිබියයුතු බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් තොරතුරු සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...