මත්පැන් බලපත්‍ර අලුත් කිරීමට පෙර කළ යුතු දේ!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24,කොළඹ (LNW):

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත .

ඒ මත්පැන් බලපත්‍ර අලුත් කිරීම සඳහා බදු නිෂ්කාශන සහතික ලබා ගැනීමේදී අදාළ බලපත්‍රලාභියා විසින් අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර සියලු හිඟ බදු නිරවුල් කිරීමට අවශ්‍ය පියවර ගතයුතු බව පවසමිනි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, යම් කාල පරිච්ඡේදයකට අදාළව ගෙවිය යුතු බද්දක් නොමැතිනම්, එයට හේතු ද අයැදුම්පතෙහි සඳහන් කළ යුතු බවත්, මත්පැන් බලපත්‍ර අලුත් කිරීම සඳහා බදු නිශ්කාෂණ සහතික ලබා ගැනීමේදී 2023/24 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාව භාරදී එම වාර්තාව අනුව බද්ද ගෙවා තිබිය යුතු බවයි .

තවද, 2024/25 තක්සේරු වර්ෂයේ පළමුවැනි හා දෙවැනි කාර්තු සදහා ස්වයං තක්සේරු මත කරනු ලබන ගෙවීම් කර තිබිය යුතු බවයි.

ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මස 30 වැනිදායින් අවසන් වන කාර්තුව දක්වා වන කාර්තු සඳහා වාර්තා භාරදී එම වාර්තා අනුව එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවා බදු නිශ්කාෂණ සහතිකය ලබා ගන්නා දිනය වනවිට පියවිය යුතු මාසික ගෙවීම් ගෙවා අවසන් කර තිබියයුතු බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් තොරතුරු සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...