කෘෂිකර්ම අමාත්‍යංශය කීරි සම්බා හිඟයට විසඳුම් සොයයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW :

මෙරට ගොවීන්ට කිසිදු අසාධාරණයක් නොවන පරිදි, හිඟයක් පවතින කීරි සම්බා වෙනුවට සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ විෂයභාර නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේය.

තවද, ආනයනික සහල් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් උපරිම සිල්ලර මිලක් පසුගියදා නියම කරනු ලැබූ අතර, ඒ, එම අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

ඒ අනුව ආනයනික කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 210ක් ලෙසත්, ආනයනික නාඩු සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 220 ලෙසත් නියම කරමිනි.

ආනයනික සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 230ක් ලෙස සඳහන් වන අතර පොන්නි සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම මිල රුපියල් 240ක් වේ.

කීරි පොන්නි සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 255 ලෙස අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...