කටාර් රාජ්‍ය ගැන මීට පෙර අපි කතා කලේ ලෝක පාපන්දුව පාලනය කරන රාජ්‍යය විදිහට. ලෝක පාපන්දු ශූරතාව පවත්වන්න කටාර් පාලනය විසින් ඉදිකල අති විශාල පාපන්දු ක්‍රීඩාංගණ.. 2019 ලෝක මලල ක්‍රීඩා ශූරතාව සඳහා ඉදිකල ක්‍රීඩාංගන හා විවාදාත්මක පහසුකම් සම්භන්ධයෙනුත් ලෝක ජනමාධ්‍ය කතා කලා අපිට මතකයි.
ඉන්පස්සෙ ඇෆ්ඝන් තලෙයිබාන් සංවිධානයේ ඉහල පෙලේ සාමාජිකයන්ට නිවාඩු පහසුකම් හා විවිධ අන්තර්ජාතික සංවිධාන සමග සාකච්ඡා පවත්වන්න ඉඩ පහසුකම් ලබාදෙන්නත් කටාර් රාජ්‍යය පියවර ගන්නව.
විශේෂයෙන්ම තලෙයිබාන්වරුන්ට සුපිරි හෝටල් පහසුකම් හා සුරූපී රුසියානු හා යුක්‍රේන් තරුණියන් සැපයීම සම්භන්ධයෙනුත් කටාර් එමීර් පාලනය ගැන විවිධ කතාංදර හා චෝදනා අපිට ලෝක මාධ්‍යයේදී අපිට අහන්න දකින්න පුළුවන්.
ඊශ්‍රායල් පලස්තීන අර්බුධය හෙවත් අරාබි- යුදෙව් ගැටුමත් එක්ක ආපහු සැරයක් කටාර් ගැන අපිට නිතර නිතර අහන්න ලැබෙනව.
කටාර් රාජ්‍ය හෙවත් කටාර් අර්ධද්වීපය වර්ග කිලෝමීටර් එකොලොස්දාස් පන්සීයක කුඩා භූමි ප්‍රදේශයක්. (11,571 km²). තව විදිහකට කීවොත් ලංකාව කියන්නෙ කටාර් වගේ පස් ගුණයකට වඩා විශාල රටක්.
1971 දී තරම් මෑත කාලයේ නිදහස් ලබාගත් මේ කුඩා රට කොහොමද මේ තරම් ඉක්මනට දියුණු … ආර්තික අතින් බලවත් රාජ්‍යයක් බවට පත්වුනේ…? කෙනෙකුට අහන්න පුළුවන්.
ශුෂ්ක කාන්තාර මුඩු බිමක් අහස උසට නැගුනු සුපිරි ගොඩනැගිලි පිරුණු රාජ්‍යයක් දක්වා දියුණු වුනේ කොහොමද.?
නියොලිතික් කාල පරිච්ඡේදය ( Neolithic period 8000–3800 BC ) දක්වා දිවයන ඉතිහාසයක් කටාර් රාජ්‍යය සතුව තිබුනත් මේ වගේ කුඩා සටහනකින් ඒ පිලිබඳව කතා කරන්න අමාරුයි.
මහා ඇලෙක්සැන්ඩර්ගේ හෙලනිස්ටික් කාලපරිච්චේදය තුලදී කටාර් ප්‍රදේශය ඇතුලත් ගල්ෆ් කලාපයේ මුල්ම පාලකයා වෙන්නෙ ග්‍රීක මැසිඩෝන් පාලකයෙක් වූ අන්ද්රොස්තීනස්. (Androsthenes of Thasos).
හෙලනිස්ටික් කාලපරිච්ඡේදය. (Hellenistic period) / ක්‍රිස්තු පූර්ව 323- ක්‍රිස්තු පූර්ව 31.
සෙලුසිඩ්.. පර්තියාන්.. පර්සියන් ආදී රාජ්‍යයන් යටතේ පාලනය වන ගල්ෆ් කලාප ඉස්ලාම් ආගම බිහිවීමත් සමග කාලිෆට් ඉස්ලාම් රාජ්‍යයේ කොටසක් බවට පත්වෙන්නෙ ක්‍රිස්තු වර්ශ 661 දී. ඉස්ලාම් ආගම බිහිවීමත් සමග මොහොම්මඩ්ගේ ජිහාඩ් ආක්‍රමණයත් එක්ක මේ අරාබි ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ඉස්ලාම්කරනයට ලක්වෙනව.
ඉන්පසු ඕටමන් රාජ්‍යය යටතේ පාලනය වන කටාර් බිම් … පෘතුගීසී හා ලන්දේසීන්ගේත් , ඉංග්‍රීසි අධිරාජ්‍යයේත් නීතිරීතිවලට යටත් වෙන්නෙ වරාය නගරයක ඇති. වැදගත්කම හේතුකොටගෙනයි.
කටාර් අර්ධද්වීපය පිහිටන්නෙ ඉරානය හෙවත් පර්සියාවත් සෞදි අරාබියත් අතර තියන පර්සියානු ගල්ෆ් මුහුදේ වීම ඉතාම වැදගත් සාධකයක්.
නමුත් මේ තරම් කාලයක් වෙලඳ හා යුධ නාවික යාත්‍රා වලට වැදගත් වූ කටාර් ප්‍රදේශය විශාල වෙනසකට මුලපුරනව 1922 වර්ශයේදී මේ ප්‍රදේශයෙන් තෙල් හා ගෑස් නිධි සොයාගැනීමත් එක්ක.
මේ සොයා ගැනීමේ ගෞරවය හිමිවෙන්නෙ බ්‍රිතාන්‍ය සොලදාදුවෙක් වූ ජෝර්ජ් මාර්ටින් ලීට. (George Martin Lees). ඒ කාලයේදී මේ ප්‍රදේශ පාලනය කරන්නෙ ඉංග්‍රීසීන් විසින්.
1950 දශකයේදී තෙල් වෙලඳ පලට ඇතුලත් වීමත් එක්ක කටාර් භූමි ප්‍රදේශයේ වටිනාකම ඉතාම ඉහල යනව.
නමුත් වඩාත්ම වැදගත් සිද්ධිය වන්නේ ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධිය කටාර් රාජ්‍යය අසලින් සොයාගැනීමයි.
පර්සියානු ගල්ෆ් මුහුදේ පිහිටි මෙම ගෑස් නිධියෙන් කොටසක අයිතිය ලැබෙන්නෙ ඉරානයට. ඊට හේතුවෙන්නෙ ඉරාන හා කටාර් දේශ සීමා මේ ගෑස් නිධිය හරහා වැටී තිබීමයි.
1968 වර්ශයේදී බ්‍රිතාන්‍යයන් මේ ප්‍රදේශයෙන් ඉවත්වන්න තීරණය කිරීමත් එක්ක බහරේනය.. ටෲශල් අරාබි ප්‍රාන්ත හා කටාරය ඒකාබද්ධ රාජ්‍යයක් ගොඩනගනව. 1971 වර්ශයේදී මේ ගිවිසුමෙන් මිදෙන කටාර් ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරනව.
නිවැරදි පරිපාලනය හා දේශපාලන තීරණ නිසා 1990 දශකයේ පමන ඉඳලා කටාර් රාජ්‍යය ඉතාම ඉක්මනින් දියුණු වෙනව.
සෞදි අරාබිය හා ඉරානය අතර තියන ගැටුමට මූලික හේතුව වෙන්නෙ සෞදි අරාබිය සුන්නි මුස්ලිම් රාජ්‍යයක් වීමත් ඉරානය ශියා හෙවත් ශීට් මුස්ලිම් රාජ්‍යයක් වීමත් යන කාරණාව බව අපි මීට කලින් කතාකරා.
මේ වෛරය හෙවත් ගැටුම අරාබි ප්‍රදේශයේ නොසන්සුන්තාවට හා යුද්ධ වලට හේතුවෙන්නෙ දශක ගණනාවක ඉඳලයි.
කටාරය පිහිටන්නෙ මේ බලවත් රාජ්‍යයන් දෙකට මැදින්. කටාරයේ ජනගහනයෙන් භහුතරය සුන්නි මුස්ලිම්වරුන් වූවත් රාජ්‍ය ප්‍රතිපත්ති මත මේ කොටස් දෙකටම සමානව සැලකීමක් දකින්න පුළුවන්.
ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කරන්නෙ 1990 වර්ශයේදී. මේ ගල්ෆ් යුද්ධයේදී ඇමරිකානු ප්‍රංශ හමුදාවලට අවශ්‍ය පහසුකම් සපයන්න කටාරය ඉදිරිපත් වීම අනෙකුත් අරාබි රටවල දෝශ දර්ශණයට ලක්වෙනව.
නමුත් ගෑස් සම්පත මත පමනක් යැපීමෙන් මිදෙන කටාරය විවිධ ව්‍යාපාර තුල මේ මුදල් ආයෝජනය කිරීමෙන් විශාල ආර්තික ස්තාවර්තවයක් ලඟා කරගන්නව අපිට දකින්න පුළුවන්.
කටාර් එයාර්වේස් ගුවන්සේවය, අල් ජසීරා අන්තර් ජාතික පුවත් සේවය, ලෝක පාපන්දු ක්ශේස්ත්‍රයේ ආයෝජන, ඉදිකිරීම්, කලා නිර්මාණ ව්‍යාපාර ආදී විශාල පරාසයක කටාර් මුදල් ආයෝජනය වෙනව.
අරාබි වසන්තය සමයේදී අල් ජසීරා සේවය සෘජුවම අරගලකරුවන් වෙනුවෙන් වැඩසටහන් නිෂ්පාදනය කිරීම හා බෙදා හැරීම අනෙකුත් අරාබි රටවල දැඩි දෝශ දර්ශණයට ලක්වෙනව.
විශේෂයෙන්ම ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වයට කටාර් මුදල් හා ආධාර ලැබීම ඊජිප්තු රජයේ උදහසට හේතුවෙන බව අපිට මාධ්‍ය හරහා දකින්න පුළුවන්.
මේ හේතුව නිසාමදෝ සෞදි අරාබිය , එමිරේට්ස් රාජ්‍ය හා කටාරය එක්ව පිහිටුවාගත් සාමූහික සංවිධානයෙන් කටාර් රාජ්‍යය ඉවත් කරනව 2017 වර්ශයේදී.
ඇෆ්ඝන් තලෙයිබාන් වරුන්ට පහසුකම් සපයනව වගේම හිස්බුල්ලා සහ හමාස් සංවිධාන වලට සෘජුවම ආධාර සපයන්නෙ කටාර් රාජ්‍යය විසින්. විශේෂයෙන්ම ඉහල පෙලේ හමාස් නායකයින් කටාර් රාජයේ සුපිරි ජීවිත ගත කරන්නෙ අනෙකුත් හමාස් සාමාජිකයන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියදීයි.
හිස්බුල්ලා සහ හමාස් ත්‍රස්වාදී සංවිධාන ලෙස ජාත්‍යන්තරයේ සැලකුවත්… අපිට අමතක කරන්න බැහැ ගාසා තීරය පාලනය කරන්නෙ හමාස් සංවිධානය විසින් බවත් ලෙබනනයෙන් කොටසක් පාලනය කරන්නෙ හිස්බුල්ලා සංවිධානය විසින් බවත්.
මේ ආකාරයට බැලුවොත් කටාර් රට ගැන අපිට ලැබෙන්නෙ ඒ තරම් පැහැදිලි චිත්‍රයක් නෙවෙයි. ඒ එක්කම බටහිර විරෝධී හෝ ඊශ්‍රායල් විරෝධී ආකල්ප කටාර් පාලනය සතු බව අපිට හැඟෙනව.
නමුත් ඒ ආකල්පය නිවැරදියි කියන්නත් අමාරුයි.
ඊට හේතුව මේ කලාපයේ තියෙන විශාලතම ඇමරිකානු හමුදා කඳවුර තියෙන්නෙ කටාර් රාජ්‍යයේ වීම.
1999 දී ස්තිරවම පිහිටුවන ලද, 11,000 කට අධික ඇමරිකානු හමුදා භටයන් රාජකාරි කරන අල් උදෙයිද් හමුදා කඳවුර (Al Udeid Air Base) ඇමරිකාවෙන් පිටත පිහිටා ඇති විශාලතම හමුදා කඳවුරු වලින් එකක් විදිහට සැලකෙනව.
එක් අතකින් හිස්බුල්ලා හා හමාස් සංවිධාන සමග කටයුතු කරද්දි අනිත් අතින් ඇමරිකානු හා යුරෝපා රටවල් සමග දේශපාලනික හා ආරක්ශක අංශ අතිනුත්, ව්‍යාපාර හා ආයෝජන වශයෙනුත් කටයුතු කරන්න කටාරය පැකිලෙන්නෙ නැහැ.
ඇමරිකානු රජය නියෝජනය කරමින් අන්තර් ජාතික ගැටළූ හා සාකච්ඡා වලට සහභාගිවෙන ජෝන් කෙරී කියනව….
“කටාරයේ සුපිරි හෝටලයක පිහිණුම තඨාකයේ පිහිණමින් ඉද්දි ඉස්සරහින් පීනගෙන එන්නෙ තලෙයිබාන් නායකයෙක් වුනොත් මං ඒ ගැන පුදුම වෙන්නෙ නෑ” කියල.
රුසියානු හමුදා යුක්‍රේණය ආක්‍රමණය කිරීමත් එක්ක කටාරයේ කේවල් කිරීමේ ශක්තිය තවත් ඉහල යනව. ලෝකයට ගෑස් සැපයීමේ රටවල් අතර කටාරයට ඉහල ස්තානයක් හිමිවීමත් එක්ක බොහොමයක් යුරෝපා රටවලට සිද්ධ වෙනව කටාරය මත යැපීමට.
මෙන්න මේ තත්වය යටතේයි අරාබි යුදෙව් ගැටුම හෙවත් ඊශ්‍රායල් පලස්තීන යුද්ධය නිරාකරණය කරන්න අවශ්‍ය සාකච්ඡා පහසුකම් සපයන්න කටාරය ඉදිරිපත් වෙන්නෙ.
අධික ඉස්ලාම් නීතිරීති වලින් මිදිලා කටාර් රාජ්‍යය ඉදිරි සංවර්ධන ගමනක් යාවිද… කටාරය අරාබි කලාපයේ සාම නියෝජිතයා බවට පත්වේවිද… එහෙමත් නැත්තං මේ ගැටුම් මැද කටාරයේ තත්වය කෙසේ වේවිද යන්න දැනගැනීමට අපිට තව ටික කාලයක් බලන් ඉන්න සිද්ධ වෙනව.
ආන්දෝලනාමක වුනත් කටාරයේ ක්‍රියාකලාපය ආකර්ශණීයයි කියල හිතෙනව.
~ Malcolm Sang
RN