කෙහෙළියත් සතුටින්…අමරවීරත් සතුටින්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (24) පෙරවරුවේ පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාත්, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාත් තම අමාත්‍යාංශ වල වැඩ බාර ගත්හ.

එහිදී අමරවීර මහතා කියා සිටියේ , පරිසර අමාත්‍යවරයා ලෙස ඉදිරියේදී රඹුක්වැල්ල ට විශාල කාර්යභාරයක් පැවරෙන බවයි. එයට හේතුව ලෙස පෙන්වා දුන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මීළඟ ඉලක්කය වන “හරිත ආර්ථිකයක්” සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා බැවින් එහි පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාට වැඩි වැඩ කොටසක් ඒ වෙනුවෙන් කිරීමට සිදුවනු ඇති බවයි.

අමරවීර මහතා වැඩිදුරටත් පැවසූයේ, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වැවිලි කර්මාන්ත ඒකාබද්ධ කිරීම වඩාත් සුදුසු ක්‍රියාවක් බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ , ඉදිරි මාස දෙක ඇතුලත රජයට අයත් පොහොර සමාගම් දෙක එක සමාගමක් බවටත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ‍එකම ආයතනයක් ලෙස ඒකාබද්ධ කිරීමටත් නියමිත බවයි.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර පරිසර අමාත්‍යවරයා ලෙස ඊයේ (24) පෙරවරුවේ වැඩ භාර ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුයේ, අමාත්‍යංශයක සිට වෙනත් අමාත්‍යංශයක වැඩ භාර ගැනීම තමාට අලුත් අත්දැකීමක් නොවන බවත්, තමා මේ භාරගත්තේ නවවන අමාත්‍යාංශය වන බැවින් එය සාමාන්‍ය සංසිද්ධියක් බවයි.

තවද, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ, කොවිඩ් වසංගතයත් සමඟ ඇති වී තිබූ තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම් භාර ගනිමින් තමන් ඉටු කළ කාර්යයභාර්ය සම්බන්ධයෙන් සතුටු වන බවයි.

අමාත්‍ය කෙහෙළිය මහතා දැක්වූ අදහස්,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...