එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ යුක්රේන සංචාරය සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ යුක්රේන සංචාරය යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

මේ සතියේ රුසියාවේ කසාන් නගරයේ පැවති බ්‍රික්ස් සමුළුවකට සහභාගී වීමෙන් පසු ගුටේරස්ට කියෙව් වෙත යාමට අවශ්‍ය වූ අතර මේ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, කසාන්වලදී යුද්ධයේ උසිගැන්වීම්කරුට අතට අත දී එක්සත් ජාතීන්ගේ දිනය, ආක්‍රමණශීලී රටේ භූමියේ ගත කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට මෙහි සත්කාරකත්වය සැපයීම අමුතු දෙයක් වනු ඇති බවයි.

2022 දී යුක්රේනයට පූර්න පරිමාණ ආක්‍රමණයක් දියත් කිරීමෙන් අනතුරුව මහලේකම්වරයා රුසියාවට ගිය පළමු අවස්ථාව මෙය වූ අතර එහිදී මහලේකම්වරයා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගෙන් යුක්රේනය වෙනුවෙන් සාධාරණ සමයක් ඉල්ලා සිටි අතර දෙරට අතර මෙම යුද්ධය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව අවධාරණය කර තිබිණ.

සංචාරයට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් යුක්‍රේන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණේ, මෙය සාම අරමුණ ඉදිරියට ගෙන නොයන වැරදි තේරීමක්වන බවත්,එය එක්සත් ජාතීන්ගේ කීර්ති නාමයට හානියක් වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...