දුක් ගිණි නිවන්න ආව මාලිමාව පොල් පෝලිමක් නම් හදලා – සජිත්

Date:

කොළඹ LNW:අප රටේ යම් කොටසක් රටේ ජනතාවගේ දුක් ගිනි නිවන යුගය ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයාගෙන් ලැබෙයි කියා සිතුවත් මේ රජය ජනතා දුක් ගිනිනිවනවා වෙනුවට ජනතාවගේ ජන ජීවිතය තුළ නවතම දුක් ගින්නක් ඇති කර ඇති බව සමඟි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

නැවත වරක් රටේ අත්‍යාවශ්‍ය ආහාරවල මිල ඉහළ ගොස් ඇති බවත් ජනතාවගේ ආදායම් මාර්ග කුඩා වී රජයේ දුර්වලතාව තුළ වියදම් වැඩි වී ඇති බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

ජනතාව තුන් වේල කන්නේ අමාරුවෙන් වුවත් අද වන විට පොල් පෝලිමක් පවා නිර්මාණය වී ඇති බවත් ජනතාව මෙය අපේක්ෂා නොකළ බවත් ජනතාවගේ දුක්ගිනි වැඩිකරන මේ යුගය අවසන් කර සමගි ජන බලවේග ආණ්ඩුවක් බිහි කිරීමට එක්වන ලෙස හෙතෙම ප්‍රකාශ කළේය.

ගෑස් ටැංකියෙන් ඉදිරිපත් වු අපේක්ෂකයා මහමැතිවරණය ලැයිස්තුවේ හෝ ජාතික ලැයිස්තුවේවත් නොමැත බවත් ඔහුට ජන්දය දුන් ජනතාව අනාථ වී ඇති නිසා ඒ අයට සමගි ජන බලවේගය සමග අත්වැල් බැද ගන්නා ලෙසද ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැද කොළඹ ආසනයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ ;: පවතින සුළං සහ...

මහජන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවයට සූදානම් වන චීනය!

කොළඹ LNW:ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක...

හෙට දින අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින බව රාජිතගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා...

ගුරු විභාගයට වයස් සීමාව සංශෝධනය කිරීමේ එකඟතාවක්!

කොළඹ LNW:2021වසරෙන් පසු ගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීම් සිදු...