අග්‍රාමාත්‍යවරිය හමු වූ විදුහල්පති සේවා සංගමයේ නියෝජිතයන්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ (LNW):

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදුහල්පති සේවා සංගමයේ නියෝජිතයන් අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වුණු බව වාර්තා වේ. විදුහල්පති සේවයේ පවතින ගැටලු පිළිබඳ අග්‍රාමාත්‍යවරිය සමග කරුණු සාකච්ඡා කළ විදුහල්පති සේවා සංගම් නියෝජිතයින් මෙතෙක් නොවිසදුණු ගැටලු අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමුකළ බව පැවසේ.

මෙම සාකඡාවට විදුහල්පති සේවා සංගමයේ සභාපති සුනිල් ප්‍රේමතිලක මහතා ඇතුලු පිරිසක් මීට එක්ව සිටි බව වාර්තා වේ.