ලෙබනන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් පණිවුඩයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ (LNW):

අද (27) සිට ශ්‍රී ලංකාව බලා පිටත්වීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් ලියාපදිංචිය ආරම්භ කරන බව, ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මේ වන විට පවතින යුධමය තත්ත්වයත් සමග අනාරක්ෂිත බවක් හැඟී යන්නේ නම්, ශ්‍රී ලංකාව බලා පිටත්ව යෑමට ලියාපදිංචි වන ලෙස නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

අද (27) ඒ වෙනුවෙන් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘතව පවතී. ඒ සඳහා විදෙස් ගමන් බලපත්‍රය, වීසා බලපත්‍ර ඇතුලු ලේඛණ රැගෙන යාම අනිවාර්ය වේ.

කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර ඇති ලාංකිකයින්, එලෙස පිටත්ව යෑම සඳහා සිය සේවා යෝජකයාගේ ලිඛිත කැමැත්ත ලබා ගත යුතු අතර, ගුවන් ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් සිදුකරන පූර්ව දැනුම්දීම් පිළිබඳ ඉතා සැළකිලිමත් වන්නැයිද තානාපති කාර්යාලය නිවේදනය කරයි.

එවැනි අවස්ථාවල අදාළ ප්‍රදේශවලින් ඉවත්ව, වහාම ආරක්ෂිත ස්ථාන කරා ගමන් කළ යුතු අතර, අනවශ්‍ය ගමන් බිමන් නතර කර, හැකි තරම් සිය සේවා ස්ථානය තුළ රැඳී සිටින්නැයි ද, ලෙබනනයේ සිටින ලාංකිකයින්ට, තානාපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙයි.

ඕනෑම අයෙකුට යම් ගැටලුවක් ඇත්නම්, 00 961 791 255 89 යන දුරකතන අංකය අමතා, තානාපති කාර්යාලයට දැනුම් දීමට හැකියාව පවතින බවද තවදුරටත් පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...