ශ්‍රී ලංකා ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරඟාවලියේ සූරතා රවිඳුට සහ සිනෙලිට

0
99

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 27,  කොළඹ LNW:

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය සමඟ එක්ව 17 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරගාවලිය 2025 ඹක්තොම්බර් මස 17 වන දින සිට 24 වන දින දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණයේදී පවැත්විණි.එහිදී සියලු දෙනාගේ අවදානය දිනාගත් තරඟ ඉසව්ව වන විවෘත ස්කොෂ් පිරිමි සහ කාන්තා අවසන් තරඟය සදහා පිරිමි අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයින් වන ශමිල් වකීල් හා රවිදු ලක්සිරි තරඟ වැදුනු අතර එහිදි වට 3 ට 1ක් ලෙස ජයග්‍රහණය කරමින් එයාර් චීෆ් මාර්ෂල් පීඑච් මෙන්ඩිස් අනුස්මරණ කුසලානය රවිදු ලක්සිරි ජයග්‍රහනය කරනු ලැබු අතර කාන්තා අංශයේ අවසන් තරඟය ශ්‍රී ලංකාව නියෝජනය කරන චනිත්මා සිනෙලි හා රන්ලියා වුඩ් අතර පැවති අතර එහිදී වට 3 ට 0ක් ලෙස චනිත්මා සිනෙලි ජයග්‍රහණය කරමින් එයාර් චීෆ් මාර්ෂල් හැරී ගුණතිලක අනුස්මරණ කුසලානය දිනා ගැනීමට සමත් විය.

ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ ඉසව්වක් වන ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරඟාවලිය සදහා දේශිය මෙන්ම විදේශිය ස්කොෂ් ක්‍රීඩාවේ ඉහළම ශ්‍රේණිගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඇතුළු අති දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 දෙනෙකු පමණ සහභාගි වූ අතර මෙම තරඟාවලිය වයස අවුරුදු 9 න් පහළ, අවුරුදු 11 න් පහළ , අවුරුදු 13න් පහළ, අවුරුදු 15න් පහළ, අවුරුදු 17න් පහළ සහ අවුරුදු 19න් පහළ යන වයස් ඛාණ්ඩ යටතේද පිරිමි සහ කාන්තා විවෘත, පිරිමි සහ කාන්තා ආධුනික අවුරුදු 35න් පහළ, අවුරුදු 40න් පහළ, අවුරුදු 45න් පහළ, සහ අවුරුදු 50න් ඉහළ ,අවුරුදු 55 ඉහළ, 60 න් ඉහළ යන ඛාණ්ඩ යටතේද තරඟ ඉසව් පවත්වන ලදි.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා අධ්‍යක්ෂක මන්ඩලයේ නිළධාරීන්, ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ සභාපති ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ, ඇතුලු නිළධාරීන් හා සෙසු නිළයන් මෙන්ම පේක්ෂකයින් විශාල පිරිසක් සහභාගී විය. තරගාවළියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සදහා කුසලාන හා සහතිකපත් ප්‍රධානොත්සවය නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩේමියන් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විනි.