*
Friday, March 29, 2024
spot_img

Latest Posts

“ලේඛකයෝ සියල්ල රොක් ස්ටාර්ස් ලා වීමට කැමතියි”: බුකර් ජයග්‍රාහක ෂෙහාන් කරුණාතිලක අවතාර, යුද්ධ සහ ළමා සිහින ගැන

1992 දී The English Patient සඳහා මයිකල් ඔන්ඩාට්ජේ බුකර් ත්‍යාගය ජයග්‍රහණය කිරීමෙන් පසු එම ත්‍යාගයට හිමිකම් කියූ පළමු ශ්‍රී ලාංකේය නවකතාකරුවා ලෙස තේරී පත් වූ ෂෙහාන් කරුණාතිලක මීට දශකයකට පෙර සිය කුළුඳුල් නවකතාව වන Chinaman: The Legend of Pradeep Mathew නවකතාවෙන් මහත් ආන්දෝලනයක් ඇති කළේය. 2012 පොදුරාජ්‍ය මණ්ඩලීය පොත් ත්‍යාගයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකේය නවකතාවලින් එකක් ලෙසින් ප්‍රශංසාවට ලක් වූ එය අතුරුදහන් වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ වගතුග සම්බන්ධයෙන් කළ ගවේෂණයක් විස්තර කරයි.

ඉන්ද්‍රජාලික-යථාර්ථවාදී වීර කාව්‍යයක් වන, ‘The Seven Moons of Maali Almeida’ , ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර 1989 හීදී ආරම්භ වූවක් වන අතර මිනීමැරුම් අභිරහස්, අවතාර , දේශපාලන උපහාසය සහ සමරිසි ආදරය වැනි සංකීර්ණ පැතිකඩ ඔස්සේ නිර්මාණය කරන ලද්දකි.

ජෝර්ජ් සෝන්ඩර්ස්ගේ “Lincoln in the Bardo”, තවත් කතා කරන අවතාර පොතක් 2017 දී බුකර් සම්මානයට හිමිකම් කීමෙන් අනතුරුව තමා ඒ පිළිබඳව අවුල් සහගත වුයේ හුදෙක්ම තමා තවමත් ඒ දේ සමඟ පොරබදමින් සිටියදී තවත් අයෙක් එම සම්මානයට හිමිකම් කී හෙයිනි. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පිළිබඳ සත්‍යය දන්නේ මියගිය අය පමණක් බව ඔහුගේ මතය වූ නිසාම නවකතාව කතා කරන අවතාර සහ නවකතාවෙහි හදවත පිළිඹිබු වන තුන්කොන් ප්‍රේමයක් මත ගොඩ නැගීමට කතුවරයා උත්සාහ දරන ලදී.

පසුගිය වසර 40 ක සාරාංශයක් ලබා දීමට උත්සාහ දරමින් ෂෙහාන් කරුණාතිලකට තම නවකතාව ලිවීම මෙතරම් දුෂ්කර වූයේ මන්දැයි පැහැදිලි කළේ එම කාර්ය ත්‍රාසජනක චිත්‍රපටයක් සැලසුම් කිරීම හා සසඳමිනි.

Spot the ‘male polish’ … Karunatilaka after winning the Booker.
Spot the ‘male polish’ … Karunatilaka after winning the Booker. Photograph: James Veysey/Rex/Shutterstock

ඒ අනුව ඔහු පවසා සිටියේ 2020 දී “Seven Moon”  ඉන්දියාවේ දී ප්‍රකාශයට පත් කරන ලද්දේ “Chats with the Dead” ලෙස බවත්ය. නමුදු එය ප්‍රකාශයට පත් කළත් ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන්ගේ දැඩි ඇල්මක් ඒ කෙරෙහි නොතිබුණු බැවින් ඔහු විසින් එය ස්වාධීන එක්සත් රාජධානියේ ප්‍රකාශක Sort of Books පිහිටවූ ශ්‍රී  ලාංකිකයෙකු වන ඔහුගේ මිතුරියක වන නටානියා ජෑන්ස් වෙත යවන ලදී.

ඒ අනුව ඇය කියා සිටියේ  එය සතුටුදායක මට්ටමක පවතින නමුත් එහි තවදුරටත් වැඩිදියුණු විය යුතු තැන් ඇති බවයි. රට වසා තිබූ කාල වකවානුවක වූවත් ඇයගේ දිරි ගැන්වීම හා තල්ලුව නිසා වසර දෙකක කාලයක මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස එය සාර්ථකව නිර්මාණය වූ බව තවදුරටත් කරුණාතිලක පැහැදිලි කළේය.

කතුවරයකු ලෙස තම පළමු නවකතාව ස්වයං-ප්‍රකාශනය කිරීමට සිදු වී එහි සාර්ථකත්වය තිබියදීත්, තම දෙවන නවකතාව විකුණා ගැනීමට මහත් දුෂ්කරතාවකට මුහුණ දීමෙන් අනතුරුව ලෝකයේ වඩාත්ම කැපී පෙනෙන සාහිත්‍ය සම්මානයක් ලබා ගැනීමට යාම ඇත්තෙන්ම සැලකිය යුතු කතාවකි.

ශ්‍රී ලාංකික කතුවරයකු ලෙස බුකර් ත්‍යාගය ජයග්‍රහණය කිරීම පැහැදිලිවම ඉදිරි ගමනට ආශ්වාදයක් වන්නේ, ලංකාවෙන් පිටත තම නිර්මාණයන් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු තැබිය නොහැකි අවධියක අප ජීවත් වන නිසා බව කරුණාතිලක පවසා සිටියේය. තවද ඔහුගේ කාලයේදී  වුවද ඔන්ඩාට්ජේ, රොමේෂ් ගුණසේකර වැනි ලේඛකයන් හට ගෝලීය පාඨක සංඛ්‍යාවක් සිටි නමුත් ඔවුන් ටොරොන්ටෝ සහ ලන්ඩන් වැනි ස්ථානවල සිට ලියමින් සිටිය බැවින් ලාංකික කතුවරයන්ට ජාත්‍යන්තර ප්‍රකාශය සහතික කළ නොහැකි බව තවදුරටත් ඔහු කියාසිටියේය. එසේ ජාත්‍යන්තරව ප්‍රකාශයට පත්වන ශ්‍රී ලාංකීය ලේඛකයන් සිටින්නේ අතළොස්සක් පමණක් බැවින් The Seven Moons  සමඟ මේ සියල්ල වෙනස් වනු ඇතැයි ඔහුගේ බලාපොරොත්තුව වූ බව ෂෙහාන් අවධාරණය කළේය.

1983 කෝලාහල සහ යුද්ධයේ ආරම්භය වෙත ආපසු යාම අත්දැකීමක් නොලද ඔහුට දුෂ්කර වූවත් 1989 හීදී ඔහු හැදී වැඩුණේ මධ්‍යම පාන්තික කොළඹ නිසා 80 දශකයේ අගභාගයේදී සිදු වූ සියල්ල ඔහු සිහිපත් කළේය. ෂෙහාන් කරුණාතිලක පවසන්නේ දරුණුතම සටන් වලින් තමා තරමක් මිදී සිටි නමුත් ඇඳිරි නීතිය සහ පාසල් වැසීම ඔහුට හොඳින් මතක ඇති බවත්, ඔහුගේ මව මළ සිරුරු හෝ වීදිවල ටයර් පිළිස්සීම නොපෙනෙන ලෙස ඔහුව වෙනතකට යැවීමට සැලැස්වූ බවත්ය. වතුකරයේ ජීවත් වූ ඔහුගේ බිරිඳට යුද්ධයේ වඩා කුරිරු අත්දැකීම් ඇති බව ඔහු තවදුරටත් පැවසුවේය.

මෙම කාල පරිච්ඡේදය කොතෙකුත් අයුරින් ලේඛනගත කර ඇතත්, මිනිසුන් තවමත් හදවතින් එය සමඟ කටයුතු කර නැති බව ඔහුගේ විශ්වාසයයි. එම කාල පරිච්ඡේදය මතක ඇති අය ඒ ගැන කතා නොකරන බවත් ඒවා ලියා අප තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු බව ෂෙහාන්ගේ මතයයි.

ෂෙහාන් කරුණාතිලක පවසන පරිදි  නවකතාවේ අඳුරු හාස්‍යය ඔහුගේ දෘෂ්ටියම පමණක් නොව ජාතියේ දෘෂ්ටිය ද පිළිබිඹු කරයි. සමාජ මාධ්‍ය මගින් පුරවැසියන්ට නායකයන්ට අභියෝග කිරීමට ඔවුන් මින් පෙර නිර්භීත නොවූ ආකාරයෙන් හැකියාවක් ලැබී ඇති බව ඔහු පවසයි. ඒ අනුව ඔහු පවසන පරිදි  හාස්‍යයෙන් රටෙහි තත්වය පිළිබඳව ප්‍රකාශයට පත්කිරීම කුරිරු පාලකයාගේ බලය කොල්ලකෑ හැකි  ශ්‍රී ලාංකික අත්දැකීමේ කොටසකි. රට අගාධයට යාමට ඉතා හොඳ හේතු තිබුණත්, එසේ නොවන්නේ එබැවින් බව පවසමින් නවකතාවෙහි එන හාස්‍ය පිළිබඳව තවදුරටත් ඔහු පැහැදිලි කළේය.

බුකර් ත්‍යාගලාභී ෂෙහාන් කරුණාතිලක තම කාලය වැය කරමින් ව්‍යාපෘති කිහිපයක් කිරීමට කැමත්තක් දරන පුද්ගලයෙකි. ඒ අනුව ඔහු විසින් චිත්‍ර ශිල්පියෙකු වන ඔහුගේ සහෝදරයා සමඟ එක්වී කුඩා දරුවන් සඳහා පොත් මාලාවක් ද ලියා ප්‍රකාශයට පත් කර ඇත.

තවද නව යොවුන් වියේ ඔහුගේ එක් සිහිනයක් වූයේ රොක් ස්ටාර් කෙනෙක් වීම බව ඔහු කියාසිටියේ ඔහු සතුව ඇති කලා ලෝලිත්වය පිළිඹිබු කරමින්ය. ලේඛක කටයුතු වලින් ඔබ්බට ගොස් වාදන භාණ්ඩ වැයීම හරහා තම විවේකය ගත කරනුයේ තම ආධ්‍යාත්මික සතුට සඳහා බව ෂෙහාන් තවදුරටත් පැහැදිලි කළේය.

ඔහුගේ එක් අතක නියපොතු කළු පැහැයෙන් වර්ණාලේප කර ඇත්තේ ඇයිද යන ප්‍රශ්නයටද ඔහු පිළිතුර ලෙස ලබා දුන්නේ එය කුඩා කළ සිට තිබූ රොක් ස්ටාර් සිහිනයේ ප්‍රතිඵලයක් බවයි.  බුකර් ත්‍යාගයක් ලබා ගැනිමට එසේ යාම නුසුදුසු බව ඔහුගේ බිරිඳ තරයේ පවසා සිටියත් ඔහුගේ අනන්‍යතාවය වෙනස් නොකර වර්ණාලේප අතැතිව බුකර් ත්‍යාගය ලබා ගැනීමට සම්බන්ධ වීම ගැන ඔහු ආඩම්බර වු බව කරුණාතිලක කියාසිටියේ ඔහුගේ පෞරුෂත්වය තවදුරටත් විදහා පාමිනි.

බුකර් උත්සවයේ දී සිංහල හා දෙමළ භාෂා කෙටි කතාවලින් පිළිඹිබු වීමට ඔහු සමත් වීම ගැනද ඔහු ආඩම්බර වූ බව පවසා සිටි අතර, තම දෙමාපියන්ගෙන් ලද සිංහල ආභාෂයත්, ගෙදරින් ලද ඉංග්‍රීසි ආභාෂයත්, ඔහුගේ දරුවන් ත්‍රෛභාෂික වන බැවින් ඔවුන් සමඟ දමිළ භාෂාව ඉගෙන ගැනීමත් නිසා භාෂාවන් ත්‍රිත්වයම තමාට බොහෝ පිටුවහලක් වූ බව ෂෙහාන් අවධාරණය කරයි. තවද පසුගිය දිනක පරාජයට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව සඳහන් කරේ සැවොම ශ්‍රී ලාංකිකයන් යන අදහස ඉදිරිපත් කරමිනි.

A bus destroyed during the civil war near Matara, Sri Lanka, in 1989.
A bus destroyed during the civil war near Matara, Sri Lanka, in 1989. Photograph: Robert Nickelsberg/Getty Images

“The Seven Moons” පිළිබඳ ඔහුගේ සිහිනය වන්නේ වසර 10කින් ලංකාවේ පාඨකයන් එය ෆැන්ටසියක් ලෙස සලකනු ඇති බවයි. ඔහු බලාපොරොත්තු වනුයේ මිනිසුන්ගේ සිත් තුළ සඳහන් සිද්ධීන් ඇත්තටම සිදු වූවාද සහ එම සිදුවීම් ඔහු විසින්ම එක්ලාසු කරගත් ඒවාද යන්න මවිතයන් නිර්මාණය කිරීමයි. එහෙත්, ඔහු තවදුරටත් කියාසිටියේ කනගාටුදායක ලෙස, මිනිසුන් දැන් අද සහ එදා අතර සමානකම් දැකීමට උත්සාහ දරන බවයි.

ෂෙහාන් කරුණාතිලක වැඩිදුරටත් පවසා සිටියේ නවකතාව හැකිතාක් ඉකමනින් පොත් සාප්පු වෙත යැවීමට ඔහු දැඩිලෙස සැලකිලිමත් වන්නේ පිටපත් ලබා ගැනීම “සැබෑ ගැටලුවක්” වී ඇති බැවින් සහ දහස් ගණනක් හොරෙන් ගෙන ගොස් ඇති නිසා බවයි. බුකර් ලෝන්ග්ලිස්ට් එකේ අනෙකුත් ලේඛකයන්ගේ පොත් කියවන්නට ඔහුට නොහැකි වූයේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පොත්වලට ප්‍රමුඛතාවයක් නොසලකන තරමට දරුණු බැවින් බව ද හෙතෙම පැවසීය.

ඔහු දැනටමත් ඔහුගේ ඊළඟ නවකතාව ආරම්භ කර ඇති අතර පළමු පොත් දෙක අතර ඇති වූ විශාල කාල පරතරය ඔහුට අවශ්‍ය නොවීය. “ක්‍රිකටුත් නැත, අවතාරත් නැත” ඔහු පවසනු ඇත්තේ එපමණකි.

ඕවින්දි විෂ්මිකා

*Lisa Allardice විසින් The Guardian පුවත්පතට ලියන ලද ෂෙහාන් කරුණාතිලක ගේ සම්මුඛ සාකච්ඡාවක් මත පදනම් වූ ‘Writers all want to be rock stars’: Booker winner Shehan Karunatilaka on ghosts, war and childish dreams නම් ඉංග්‍රීසි ලිපියේ සිංහල අනුවාදයකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan